කම්කරු ව්‍යාපාරය

 Link 

 

දේශීය පාලන ක්‍රමය යටතේ පොදු සේවාවන් සඳහා අවශ්‍ය ශ්‍රමය අනිවාර්ය සේවා රාකාරි ක්‍රමය යටතේ නොමිලයේ සැපයිනි.

1. වැව් අමුණු තැනීම.
2. අැල මාර්ග ප්‍රතිසංස්කරණය.
3. මංමාවත් තැනීම හා පිළිසකර කිරීම. ආදිය මඟින් රජයට තම සේවය ලබා දුන්හ.

නමුත් බ්‍රිතාන්‍යයන් විසින් එම තත්ත්වය වෙනස් කර ලංකාවේ වතු වගාව ආරම්භයත් සමඟ ශ්‍රමයට වේතනයක් හිමිවිය. එසේ
වුව ද ස්වදේශියන් කිසි අයුරකින් හෝ ශක්තිමත් වනු දැකීමට ඉංග්‍රීසි පාලකයෝ කැමති නොවුනා පමණක් නොව දේශීය ජනතාව දරිද්‍රතාවයේ පතුලටම යාමට ඉඩහැරීය.
බ්‍රිතාන්‍යයන් ආරම්භ කළ වතු වගාවට දකුණු ඉන්දියාවේ ශ්‍රමිකයෝ ගෙන ඒමට කටයුතු කිරීමෙන් මෙය මනාව ඔප්පුවේ.
නමුත් 19 වැනි සියවස අවසානයේ කොළඹ, මහනුවර, ගාල්ල නගර වල විවිධ සේවාවන් සඳහා දේශීය ජනතාවගේ ශ්‍රමය ද ලබා ගැනීමට සිදුවිය.
1. බඩු පැටවීම සහ බෑම.
2. රෙදි සේදීම.
3. කරත්ත දැක්කීම. මේ අතර ප්‍රධාන විය. මෙනයින් දකුණු ඉන්දියානුවෝ වතුවල සේවය කළ අතර මෙම නාගරික කම්කරු පංතිය සිංහලයන්ගෙන් සමන්විත වූහ.
බර වැඩ කළ නමුත් අඩු වැටුපක් ලැබූ ශ්‍රමිකයන්ගෙන් මෙම කම්කරු පංතිය සමන්විත වුව ද 19 සියවස අවසානයේ දේශීය නාගරික කම්කරුවන් හා ඉන්දීය වතු කම්කරුවන් වශයෙන් එකිනෙකට වෙනස් කොටස් දෙකක් ලෙස වර්ධනය වූහ.

තම අයිතිවාසිකම් වෙනුවෙන් මුලින්ම උද්ඝෝෂණය කළෝ නාගරික කම්කරුවන්ය. ප්‍රධාන පරිපාලන හා වෙළෙඳ මධ්‍යස්ථානය වූ කොළඹ කේන්ද්‍ර කොටගෙන බිහිවූ ඔවුන්ගේ උද්ඝෝෂණ අැති වූයේ ද කොළඹ නගරය තුළය.
1883 දී කොළඹ මුද්‍රණකරුවන් ආරම්භ කළ වැඩ වර්ජනය කම්කරු අරගලයක ප්‍රථම අවස්ථාව ලෙස දැක්විය හැකි ය. 19 සියවස අග භාගයේ දී මධ්‍යම පංතියේ ද සහාය ගෙන කම්කරුවෝ වැඩ වර්ජන කීපයක් මෙහෙය වූහ.

1. රෙදි සෝදන්නන්ගේ වර්ජනය.
2. කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය.
3. වැල්ලවත්ත රෙදි මෝලේ වර්ජනය. මින් ප්‍රධානය.

මේ කාලයේ ආරම්භ වූ ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ පළමු වන වෘත්තීය සංගමයයි. පසු කාලයේ විවිධ වෘත්තිකයන්ගේ කම්කරු සංවිධාන බිහිවන්නට වූ අතර තම අයිතීන් ඉල්ලා නොයෙක් අරගල කිරීම සුලභ විය.

කම්කරුවන්ගේ සේවා තත්ත්වය දියුණු කර ගැනීම, වැටුප් වැඩි කරගැනීම සඳහා 20 වන සියවසේ දෙවන දශකයේ ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන් උද්ඝෝෂණ කළහ. වතු කම්කරුවන්ගේ වෘත්තීය සංගම් සංවිධානය වූයේ 1935 දීය. මෙහි නායකත්වය නටේසර් අයියර් මහතා දැරීය. මේ අතර, එංගලන්තයේ අධ්‍යාපනය ලබා මාක්ස්වාදී දේශපාලන ආභාෂය ලද මධ්‍යම පංතික තරුණ පිරිස් ශ්‍රී ලංකාවට පැමිණ කම්කරු පංතිය සංවිධාන ප්‍රතිසංවිධානය කළහ.

1935 පමණ වනවිට ලංකා සමසමාජ පක්ෂය බිහිවිය.
1. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ.
2. ආචාර්ය අැන්.අැම්. පෙරේරා.
3. පිලිප් ගුණවර්ධන. එහි නායකත්වය දැරූහ.

පසු කාලීනව නාගරික හා වතු කම්කරුවන් දෙකොටස තුළම වෘත්තීය සංගම් පිහිටුවීය.

(c) Shilpa Sayura Foundation 2006-2017