සිසිලන පද්ධතිය (Cooling system)
  එන්ජිමක් තුළ ඉන්ධන දහනයෙන් ඉපදවෙන තාපය නිසා ජවය නිපදවීමට අමතර ව එන්ජිම රත් වේ. එන්ජිමක උපදින තාප ශක්තියේ ඵලදායි භාවිතය හා තාප හානිය ප්‍රතිශතයක් ලෙස පහත රූපයෙන් දැක්වේ.
48.jpg

එන්ජිමෙන් නිපදවෙන තාප ශක්තියෙන් වැඩි ප්‍රතිශතයක් විවිධ හේතු නිසා හානි වෙයි. පිටාර වායුව සමඟ 40% ක් පමණ ද, ඝර්ෂණයට එරෙහි ව කාර්යය කිරීම සඳාහා 5% ක් පමණ ද අපතේ යයි. එන්ජිමෙන් 30% පමණ තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ගන්නා අතර එම තාපය සිසිලන පද්ධතියෙන් ඉවත් කළ යුතු වේ. මෙහි දී ඵලදායි තාපය හෝ ජවය ලෙස ලැබෙන්නේ 25%ක් පමණ ප්‍රමාණයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017