01. හෙන්ලේ පුඩුව
Hide Answer
වෘක්කාණුවක අවිදුර සංචලිත නාලිකාව හා විදුර සංචලිත නාලිකාව අතර තිබෙන නාලාකාර ව්‍යූහය හෙන්ලේ පුඩුව නම් වේ.
Hide Answer
වෘක්කාණුවක හෙන්ලේ පුඩුවට පසුව තිබෙන නාලිකාව විදුර සංචලිත නාලිකාව නම් වේ.
03. සංග්‍රාහක නාලිකාව
Hide Answer
විදුර සංචලිත නාලිකා විවෘත වන නාලිකාව සංග්‍රාහක නාලිකාව වේ.
04. සරල පෙරීම
Hide Answer
ගුච්ජිකාව තුළින් ගලා යන රුධිරයේ අඩංගු ඇතැම් සංඝටක බෝමන් ප්‍රාවරයේ ප්‍රාවර තුළට පෙරීයාම සරල පෙරීම නම් වේ.
05. වරණිය ප්‍රතිශෝෂණය
Hide Answer
ගුච්ජිකා පෙරණයේ තිබෙන ඇතැම් සංඝටක නැවත රුධිරය තුළට අවශෝෂණය කිරීම වරණිය ප්‍රතිශෝෂණය නම් වේ.
06. ගුච්ජිකා පෙරණය
Hide Answer
ගුච්ජිකාවේ සිට බෝමන් ප්‍රාවරය තුළට ඇතුල්වන ද්‍රව්‍යයන් ගුච්ජිකා පෙරණය නම්න් හැඳින්වේ.
07. නාලිකා ස්රාවය
Hide Answer
වෘක්කාණුව වටා තිබෙන රුධිර කේශනාලිකා වල සිට ඖෂධ වැනි ද්‍රව්‍යයන් වෘක්කාණු තුළට ස්රාවය කිරීම නාලිකා ස්රාවය නම් වේ.
08. වකුගඩු ගල්
වෘක්ක තුළ කැල්සියම් ඔක්සලේට් වැනි ද්‍රව්‍ය ස්ඵටිකීකරණය වීමෙන් හට ගන්නා ගල් වකුගඩු ගල් ලෙස හැඳින්වේ.
09. මූත්‍ර ගල්
මූත්‍රාශය තුළ කැල්සියම් ඔක්සලේට් වැනි ද්‍රව්‍ය ස්ඵටිකීකරණය වීමෙන් හට ගන්නා ගල් මූත්‍ර ගල් නම් වේ.
10. ලිතෝ ට්රිප්සි
ලිතෝට්රිප්ටරිය නම් උපකරණය මගින් විමෝචනය කරන අධෝරක්ත කිරණ මගින් වකුගඩු ගල් හෝ මූත්‍ර ගල් කුඩා කැබලි බවට පත් කිරීමේ ක්‍රමය ලිතෝ ට්රිප්සි නම් වේ.