වැඩි වැඩියෙන් ආහාර පාන ලබා ගැනීමටත් එහි ගුණාත්මක බව වැදි කරීමටත් වෙහෙස දරණ මිනිසා සතුන් දෙමුහුම් කිරීමෙන්, මිනිසාට අවශ්‍ය ලක්‍ෂණ සහිත සතුන් බෝකිරීමට පටන් ගෙන ඇත. ගුණාත්මක භාවයෙන් යුක්‌ත වූත් මස් වැඩි ප්‍රමාණයක් ලද හැකි වුත් ගවයන්, බැටළුවන්, ඌරන්, කුකුළන් වැනි සතුන් දෙමුහුම් කරගනු ලැබේ. කිරි පිටි, බටර්, චීස් ආදිය නිශ්පාදනය කිරීම සඳහා කිරි දෙනුන්ගෙන් ලබා ගන්නා කිරි ප්‍රමාණය මෙන් ම ගුණාත්මක පිළිබඳව ද සැලකිල්ලක් දැක්‌වේ.
කුකුළන් අභිජනනය කිරීමේ දී බිත්තර ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ. බිත්තරයේ ප්‍රමාණය හා ගුණාත්මක බව ද මිනිසා විසින් තෝරා ගන්නා ලක්‍ෂණ වේ.