කුරුස යුද්ධ මධ්‍යතන යුරෝපයට මහත් බලපෑමක් ඇති කළේය.
- පාප් වහන්සේගේ නායකත්වය යටතේ යුරෝපය එකසත් වීම.
- ප්‍රංශය, එංගන්තය, ස්පාඤ්ඤය, පෘතුගාලය පල්ලියේ බලයෙන් ඉවත්වීම.
- මුස්ලිම්වරුන්ගේ විද්‍යා, වෛද්‍ය, ගෘහ නිර්මාණ ආදී දැනුම යුරෝපයට ලැබීම.
- නව සොයාගැනීම් සඳහා යොමුවීම, නව ආර්ථික සහ සමාජ ව්‍යුහයන්ද, පාලන ක්‍රමවේද, යුද සහ කෘෂි තාක්‍ෂණය වෙනස් වීම.
- මධ්‍යම ආසියානු සංස්කෘතිය සහ යුරෝපීය සංස්කෘතිය මුසුවීම
- ශත වර්ශ ගණනාවක් ඇණ හිට තිබූ බටහිර සහ නැගෙනහිර අතර ගමනාගමනය , වෙළඳාම ඇතිවීම.
- වෙළඳාම දියුණුවීම
- අරාබියේ සහ ග්‍රීසියේ ගණිතය, ද්‍රශ්‍ය විද්‍යාව, ඉංජිනේරු ක්‍රම යුරෝපයේ විශ්ව විද්‍යාලවලට ලැබීම නිසා පසු කාලයේ යුරෝපා පුනුරුදයට මග පෑදීම
- නැගෙනහිර යුරෝපීය, බටහිර ආසියානු, මධ්‍යධරණී සහ මැද පෙරදිග කුඩා රාජ්‍ය බිහිවීම. සමහර රාජ්‍ය කැඩී යාම.
- කුඩා ගොත්‍ර සමූල ඝාථනය වීම සහ යුරෝපයේ යුදෙව් වරුන් ඝාථනය ආරම්භ වීම.
- ප්‍රංශය විශාලවීම
- යුරෝපය පුරා වෙළඳාම වැඩිවීම
- යුරෝපයට කුළුබඩු, ඇත්දල, දියමන්ති , වෙඩි බෙහෙත්, ආසියානු පළතුරු වර්ග පැමිණීම.
- මධ්‍යධරණී මුහුදේ නාවික ගමනාගමනය වැඩිවීම
- මොන්ගෝලියානු අධිරාජ්‍ය හා වෙළඳ සම්බන්ධතා
- මැදපෙරදිග හරහා මාර්ග වැසීම නිසා ආසියාවට නව මුහුදු මාර්ග සෙවීම,
- පසු කාලයේ ආසියාවට යුරෝපීයන් පැමිණීම