ක්‍රිස්තු ධර්මය රෝම අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත්වීම
 

රෝම අධිරාජ්‍යය බිහිවූ කාලයේම, ඊස්රායලයේ යුදෙව් ජාතිකයන් අතර ක්‍රිස්තියානි ධර්මය භාවිතා වී අතර, එය ජේසුස් වහන්සේගේ කුරුසියේ ඇණගැසීමත් රෝමය පුරා ප්‍රචලිත විණි. මරණින් පසු ජීවනය, ආගම හා රාජ්‍ය පාලනය වෙන්වීම, සිත සහ කය දෙකක් වීම සහ දුප්පතුන් හා පොහොසතුන්ට සම ආගමක් වීම, එකම දෙවියකු පිළිබඳ විශ්වාසය ආදී කරුණුද, පැරණි පූජකවරුන්ගේ දරදඬු ක්‍රියාද මීට හේතු වන්නට ඇත.

මෙම කාලයේදී ක්‍රිස්තියානි ආගමිකයින් විශාල ගණනක් මරාදමන ලදමුත් එය රෝමානු අධිරාජ්‍යය පුරාද, පාතියන්, ගොත් හා ජර්මානු ප්‍රදේශ වලටද පැතිරිණි. ක්‍රි.වර්ශ 1 සියවසේදී පාලනය කල නීරෝ, සහ ඩොමිතියන් අධිරාජ්‍යයන්ගේ කාලවල ක්‍රිස්තියානි ආගම ඇදහීම නීති විරෝධී වීය.

නමුත් ක්‍රි.ව 312 දී රෝම සොල්දාදුවකු වූ කොන්ටන්තයින් නම් රෝම අධිරාජ්‍යයා තම සතුරන් සමග සටන් වැද රෝම අධිරාජ්‍යයා බවට පත්වී ක්‍රිස්තු ධර්මය වැළදගන එය අධිරාජ්‍යයේ ආගම කළේය. ක්‍රිව. 325දී නිසියාහිදී පැවැත්වූ ක්‍රිස්තියානි ආගමික සමුළුවකදී, ඇදහීම් ලේඛනය කර රාජ්‍ය ආගම බවට පත්කළේය.

කොන්ස්තන්තිනෝපල් නම් නගරය ගොඩනැංවූ ඔහු පහත රූපයේ මරියා මව්තුමිය පුදනු දක්වයි. (වර්ථමානයේ ඉස්තාන්බුල්)

(c) Shilpa Sayura Foundation 2006-2017