ප්රවේණි විද්‍යාව පිළිබඳ දැනුම දියුණු වීමත් සමග, නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් වර්ණ දේහ වල පිහිටි හිතකර ජාන ඇතුළු කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ක්‍රියාවලිය ජෛව තාක්ෂණය මගින් සිදු කරනු ලැබේ.
මේ සඳහා බහුල ව යොදා ගනු ලබන්නේ (Escherichia coli) නම් එක්තරා බැක්ටීරියා හා වෛරස් වර්ග ද යොදාගන්නා අවස්ථා ඇත. බැක්ටීරියා වල එ සේ ඉවත් කළ ජානයක් වෙනුවට මිනිස් ජානයක් යොදා ඉන්සියුලීන් හා පිටියුටරි වර්ධක හෝමෝන නිපදවා ඇත. දිය වැඩියාව සඳහා එන්නත් කරන ඉන්සියුලීන් කලින් ලබාගත්තේ ඌරන්ගේ අග්න්‍යාශයේ නිස්සාරකයක් ලෙසය. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. තවද විශාල ප්‍රමාණයෙන් නිපදවීමට ද අපසු ය. ඒ නිසා ජාන ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉන්සියුලීන් නිශ්පාදනය කිරීම වාසි සහගතය.
ආවේණික රෝගයක් වන එම්ෆිසීමාව (Emphisema) සුව කිරීම සඳහා ජාන තාක්ෂණය උපයෝගී කර ගෙන බැටළුවන්ගෙන් කිරි සමග ඖෂධයක් ලබා ගැනේ. |