ලක්‍ෂණ උරුම වීම හෙවත් ආවේණිය
 

ඔබේ පන්තියේ සිටින ළමයින් සියල්ල ම එකම වයස්‌ කාණ්‌ඩයකට අයත් වේ. එහෙත් ඒ ළමයින් අතර පැහැදිලි වෙනස්‌කම් අති බව පෙනේ. ටික දෙනෙක්‌ ඉතා උස වෙති. ටික දෙනෙක්‌ මිටි වෙති. ඒ අනිත දෙක අතර උසින් යුත් ළමයි ද සිටිති. මේ ළමයින් අතර මහත ළමයින් මෙන්ම කෙට්‌ටු ළමයි ද ඇති බැව් පැහැදිලිව දක්‌නට හැකිවෙනු ඇත. එපමණක්‌ද නොවේ. හමේ වර්ණය, කෙස්‌වල වර්ණය හා ස්‌ව්භාවය, කනේ හැඩය, ඇසේ වර්ණය, තොල් වලත් නිකටෙත් නාසයෙත් ස්‌වරූපය ආදී හැම අවයවයක ම ස්‌වරූපය විමසිල්ලෙන් බැලුවහොත් සම වයස්‌ ළමයින්ගේ ලක්‍ෂණවල විවිධත්වයක්‌ ඇති බව පැහැදිලි වනු ඇත. මිනිසුන් අතර විවිධත්වයක්‌ අත්තේ පෙනුමෙන් පමණක්‌ නෙවේ. ක්‍රියාකාරීත්වය අනූවද වෙනස්‌ කම් ඇත. දකුණු අත හුරු අය අපි අතර වැඩිපුර අති නමුත් වම් අත හුරු අයද සිටිති. දිව රෝල් කිරීමට, දිව නැමීමට හැකි අය මෙන්ම එසේ කළ නොහැකි අය ද සිටිති. මිනිසුන් අතර මෙතරම් විවිධත්වයක්‌ දක්‌නට ලැබෙන නිසා ලෝකය ඉතා ම අපූරු තැනක්‌ වී තිබේ.






ප්‍රජනන සෛලවල ජානයක හෝ වර්ණදේහයක හෝ යම් හෙයකින් ඇති වන වෙනස්‌ විම් විකෘති (mutation) නමින් හදුන්වනු ලැබේ. එය හිතකර හෝ අහිතකර හෝ විය හැකිය. ඇලිබව හා බහු අංගුලිතාව පළමුවෙන් ම ඇති වන්නේ ද ජාන විකෘති වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017