විස්පර්ශක තුඩු (Contact breaker points)
  ජ්වලන යතුර යෙදූ විට බැටරිය, ජ්වලන යතුර, ප්‍රාථමික දඟරය සහ විපර්ශක තුඩු හරහා පරිපථය සම්පූර්ණ වේ. මේ අවස්ථාවේ දී විපර්ශක තුඩු ස්පර්ශ ව පවතින නිසා වෝල්ට් 12 ක වෝල්ටීයතාවක් පරිපථයේ අන්තර්ගත ය. යාන්ත්‍රික ක්‍රමය මඟින් පරිපථයේ ගලන ධාරාව විසන්ධි කළ විට එනම්, විස්පර්ශක තුඩු විවෘත වූ විට මෙම පරිපථයේ වෝල්ටීයතාව 12 V සිට 0 V දක්වා ක්ෂණික ව විචලනය වේ.

අධිවෝල්ටීයතාව ජනනය සඳහා මෙම ක්‍රියාකාරිත්වය වැදගත් වන අතර, ජ්වලන දඟරයේ අධිවෝල්ටීයතාව ජනනය වන්නේ ප්‍රාථමික පරිපථය මෙලෙස ක්ෂණික ව විසන්ධි කළ විට ය. ප්‍රාථමික පරිපථයේ සම්බන්ධය ඇති කිරීම හා නැති කිරීම සඳහා වූ විස්පර්ශක තුඩු සංවෘත කිරීම හා විවෘත කිරීම නොකඩවා සිදු කෙරෙන්නේ එන්ජිම මගින් කරකැවෙන කැමිය මගිනි.
(c) Shilpa Sayura Foundation 2006-2017