සම්ප්‍රේෂණ පද්ධතිය
  එන්ජිමෙන් නිපදවෙන ජවය එළවුම් රෝද (Driving wheels) කරා ගෙන ගොස් රථය ඉදිරියට හෝ පිටුපසට ක්‍රමානුකූල ව ධාවනය කිරීම පිණිස සම්ප්‍රේෂණ පද්ධතියක් (Power transmission system) අවශ්‍ය වේ. මෙය ප්‍රධාන වශයෙන් ක්ලචයක් (Clutch), ගියර පෙට්ටියක් (Gear box) , අවරපෙති කඳක් (Propeller shaft), නිමි එළවුම් සහ ආන්තර කට්ටලයක් (Differential), අක්ෂ දණ්ඩක් (Axles & drive shaft) සහ දසත මූට්ටු/නියත ප්‍රවේශ මූට්ටුවලින් (Universal joints/CV joints) සමන්විත වේ.
53.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017