ජාන ඉංජිනේරු විද්‍යාව
 

ප්‍රවේනි විද්‍යාව පිළිබඳ දැනුම දියුණු වීමත් සමඟම වතාක්‌ෂණය උපයෝගී කර ගනිමින් වර්ණදේහ වල පිහිටි අහිතකර ජාන ඉවත් කර ඒ වෙනුවට හිතකර ජාන ඇතුළු කිරීමට හැකියාව ලැබී ඇත. මෙම ක්‍රියාවලිය ජෛව තාක්‌ෂණය මඟින් සිදු කරනු ලැබේ.


     මේ සඳහා බහුලව යොදාගනු ලබන්නේ ධසචහඑරඉචහඉඅ චඔලඉ නමි එක්‌තරා බැක්‌ටීරීයා විශේෂයකි. එහෙත් වෙනත් සරළ බැක්‌ටීරියා හා වෛරස්‌ වර්ගද යොදා ගන්නා අවස්‌ථා ඇත. බැක්‌ටීරියා වල එසේ ඉවත් කළ ජානයක්‌ වෙනුවට මිනිස්‌ ජානයක්‌ යොදා ඉන්සියුලීන් හා පිටියුටරි වර්ධක හොමොනය නිපදවා ඇත. දියවැඩියාව සඳහා එන්නත් කරන ඉන්සියුලීන් කලින් ලබා ගත්තේ ඌරන්ගේ අග්න්‍යාශයේ නිස්‌සාරකයක්‌ ලෙසය.ඒ සඳහා විශාල මිදලක්‌ වැය කිරීමට සිදුවේ. තවද විශාල ප්‍රමාණයක්‌ නිපදවීමට අපහසුය. ඒ නිසා ජානඉන්ජිනේරු තාක්‌ෂණය උපයෝගී කර ගනිමින් ඉන්සියුලීන් නිෂ්පාදනය කිරීම වාසි සහගතය.


 

(c) Shilpa Sayura Foundation 2006-2017