01. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා
Hide Answer
සක්‍රියතාව වැඩි මූලද්‍රව්‍යයක් මගින් සංයෝගයක් තුළ තිබෙන සක්‍රියතාව අඩු මූලද්‍රව්‍යයකින් හටගත් අයනයක් විස්ථාපනය කරමින් නව සංයෝගයක් හට ගැනීමේ රසායනික ප්‍රතික්‍රියා ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා නම් වේ.
Hide Answer
සංයෝග දෙකක් ප්‍රතික්‍රියා කර නව සංයෝග දෙකක් හට ගැනීමේ රසායනික ප්‍රතික්‍රියා ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා නම් වේ.
03. විද්‍යූත් රසායනික කෝෂ
Hide Answer
සක්‍රියතාවය එකිනෙකට අසමාන වන ලෝහ තහඩු දෙකක් අයනික සංයෝගයක ජලීය ද්‍රාවණයක් තුළ ගිල් වීමෙන් සාදාගනු ලබන කෝෂ විද්‍යූත් රසායනික කෝෂ නම් වේ.
04. ප්‍රාථමික කෝෂ
Hide Answer
විද්‍යූත් ධාරාවක් මගින් ආරෝපණයක කළ නොහැකි විද්‍යූත් කෝෂ ප්‍රාථමික කෝෂ ලෙස හැඳින්වේ.
05. ද්විතියික කෝෂ
Hide Answer
විද්‍යූත් ධාරාවක් මගින් ආරෝපණය කළ හැකි විද්‍යූත් කෝෂ ද්විතියික කෝෂ නම් වේ.
06. විද්‍යූත් විච්ඡේදනය
Hide Answer
ජලීය අයනික ද්‍රාවණයක් හෝ විලීන අයනික ද්‍රවයක් තුළින් විද්‍යූත් ධාරාවක් සන්නයනය කිරීමෙන් අයනික සංයෝගයක් මූලද්‍රව්‍ය බවට වියෝජනය කිරීම විද්‍යූත් විච්ඡේදනය නම් වේ.
07. විද්‍යූත් ලෝහාලේපනය
Hide Answer
විද්‍යූත් විච්ඡේදනය මගින් ලෝහ භාණ්ඩයක් මත ලෝහ පටලයක් ආලේප කිරීම විද්‍යූත් ලෝහාලේපනය නමින් හඳුන්වයි.
08. ඔක්සිකරණය
09. ඔක්සිහරණය
10. කැතෝඩය