01. සහ සංයුජ බන්ධන
Hide Answer
පරමාණු දෙකක් අතර ඉලෙට්‍රෝන එකක්, දෙකක් හෝ තුනක් බැගින් හවුලේ තබාගෙන පරමාණු දෙක අතර හට ගන්නා රසායනික බන්ධනය සහ සංයුජ බන්ධනයක් නම් වේ.
Hide Answer
අයනික සංයෝග තුළ ධන අයන හා සෘණ අයන ත්‍රිමාණ ජලාකාර ව්‍යූහයක් ලෙස පවතී. මෙම ව්‍යූහ අයනික දැලිස වේ.
03. අණු
Hide Answer
මූලද්‍රව්‍යක හෝ සංයෝගක නිදහස් තත්ත්වයේ පැවතිය හැකි කුඩාම ප්‍රමාණය අණුව නම් වේ.
04. ඒක බන්ධන
Hide Answer
පරමාණු දෙකක් අතර සහ සංයුජ බන්ධනයක් තිබේ නම් එය ඒක බන්ධනයක් නම් වේ.
05. ද්විත්ම බන්ධන
Hide Answer
පරමාණු දෙකක් අතර සහ සංයුජ බන්ධන දෙකක් තිබේ නම් එය ද්විත්ව බන්ධනයක් නම් වේ.
06. ත්‍රිත්ව බන්ධන
Hide Answer
පරමාණු දෙකක් අතර සහ සංයුජ බන්ධන තුනක් තිබේ නම් එය ත්‍රිත්ව බන්ධනයක් නම් වේ.
07. සංයුජතාව
Hide Answer
මූලද්‍රව්‍ය පරමාණුවක් ලබා ගන්නා හෝ පිට කරන හෝ හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුජතාව නම් වේ.
08. ඇවගාඩ්රෝ නියතය
C සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12 ක් තුළ තිබෙන පරමාණු සංඛ්‍යාව ඇවගාඩ් රෝ නියතය නමින් හඳුන්වයි.
09. මූලද්‍රව්‍යයක මවුලික ස්කන්ධය
මූලද්‍රව්‍ය පරමාණු මවුලයක ස්කන්ධය එහි මවුලික ස්කන්ධය නම් වේ. මූලද්‍රව්‍යයක සාපේක්ෂක මරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් එහි මවුලික ස්කන්ධයට සමාන වේ.
10. සංයෝගයක මවුලික ස්කන්ධය
සංයෝගයක අණු මවුලයක ස්කන්ධය එහි මවුලික ස්කන්ධය නම් වේ. සංයෝගයක සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් එහි මවුලික සකන්ධයට සමාන වේ.