ඉන්ධන ආමායනය (Fuel gauge)
  ටැංකිය තුළ සවි කර ඇති ඉන්ධන ආමානයක් මගින් ඉන්ධන පිරවුම් ටැංකියේ ඇති ඉන්ධන ප්‍රමාණය දැන ගැනීමට සලස්වා ඇත. ඉන්ධන දර්ශකය හා ආමානය අතර සම්බන්ධය විදුලි පරිපථයක් මගින් සිදු කෙරේ.

ඉන්ධන ටැංකියේ ඇති ඉන්ධන ආමානය ඉපිල්ලකින් ද එයට සම්බන්ධ කළ විචල්‍ය ප්‍රතිරෝධයකින් ද සමන්විත ය. ටැංකිය තුළ තිබෙන ඉන්ධන අඩු වීමත් සමඟ ම ඉන්ධන මත පා වෙන ඉපිල්ල ක්‍රමයෙන් පහතට ගමන් කරයි.ඉන්ධන පිරී ඇති විට ඉපිල්ල හා සම්බන්ධ වී ඇති විචල්‍ය ප්‍රතිරෝධකය අඩු ප්‍රතිරෝධයක් ඇති කරයි.

ඉන්ධන අඩු වන විට ක්‍රමයෙන් එහි ප්‍රතිරෝධය වැඩි වේ. මෙම වෙනස්වීමට අනුරූප ඉන්ධන මට්ටම දර්ශකය මගින් ප්‍රකාශ කෙරේ. මෙම දර්ශකය ගැල්වනෝමීටරයක මූලධර්ම අනුව හෝ සංඛ්‍යාංක ක්‍රමයකට අනුව ක්‍රියා කරයි.
(c) Shilpa Sayura Foundation 2006-2017