ක්‍රියාරම්භක ස්විච්චය පියවර කිහිපයකින් යුක්ත වන අතර, ස්විච්චයේ මුල් පියවර සංවෘත කළ විට ජ්වලන ස්විච්චය සේ ක්‍රියා කරයි. බැටරිය හා ජ්වලන පද්ධතියේ අනෙක් කොටස් අතර සම්බන්ධතාව ඇති කිරීම මෙමගින් සිදු කරයි. එමෙන් ම පණගැන්වූ එන්ජිමක් නතර කිරීමට මෙම ස්විචය විසන්ධි කළ යුතු ය.
ජ්වලන ස්විච්චය අභ්‍යන්තර ක්‍රියාකාරි යාන්ත්‍රික කොටස් ගෙවී යෑම, රැහැන් විසන්ධි වීම වැනි තත්ත්ව මෙහි ඇති විය හැකි දෝෂ ලෙස දැක්විය හැකි ය.