පිටකිරීමේ ඇබය (Drain plug)
 ඉන්ධන ටැංකියේ පිට කෙරුම් ඇබය උපයෝගිතාවෙන් ටැංකිය තුළ එකතු වන අපද්‍රව්‍ය ඉවත් කළ හැකි ය. එසේ ම සමහර පිට කෙරුම් ඇබවල කඳේ චුම්බකයක් ගිල්වා ඇත. මෙමගින් ටැංකිය තුළ එකතු වන ලෝහ කොටස් ආකර්ෂණය කර රඳවා ගනියි.

පෝෂණ පොම්පයට ඉන්ධන සපයන නළය ටැංකිය තුළ දී පෙරහනක් තුළට ගිල්ලවා ඇත. ඉන්ධන ඇතුළු වීම් නළයේ අග කෙළවර ටැංකියේ යටි පෘෂ්ටයට මදක් ඉහළින් රඳවා ඇත්තේ ටැංකිය පතුළේ වූ බරින් වැඩි අපද්‍රව්‍ය පද්ධතියට ඇතුළු වීම වැළැක්වීමට ය.
(c) Shilpa Sayura Foundation 2006-2017