යම්කිසි ආර්ථිකයක් සකස් වි ඇති ආකාරය හෙවත් ආර්ථිකයෙහි නිෂ්පාදනයෙහි සංයුතිය ආර්ථික ව්‍යුහය ලෙස හැදින්වේ. මෙයින් අදහස් වන්නේ, ප්‍රථමික ද්විතියීය තෘතීයිය යනාදි විවිධ අංශ වලින් ජාතික නිෂ්පාදිතයට කෙරෙන දායකත්වයයි.
ප්‍රාථමික අංශය කෘෂිකාර්මික කටයුතු වලින්ද, ද්විතිය අංශ කාර්මික කටයුතු වලින් ද, තෘතිය අංශය සේවා කටයුතු වලින්ද සමන්විත වේ.
සංවර්ධනය වන රටවල ව්‍යුහමය ගැලපිම් වලට ඇතුළත් ප්‍රධාන අංග
අන්තර් ජාතික ආර්ථික සංවිධාන විසින් සංවර්ධනය වන රටවලට බොහෝ විට දෙන උපදේශයක් වනුයේ, තම ආර්ථිකයේ ව්‍යුහමය ගැලපීම් ක්‍රියාත්මක කළයුතු බවයි.
මෙවැනි ව්‍යුහමය ගැලපිම යනුවෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන අවශ්‍යතා පහත දැක්වේ.
- සංවර්ධනය වෙමින්පවත්නා ආයතන පාලන හෝ සීමා ඉවත්කර විදේශ වෙළදාම නිදහස් කිරිම
- විදේශ විනිමය පාලන ඉවත්කර වෙළද පොළ තත්ත්වයන් යටතේ විනිමය අනුපාතිකය තීරණය විමට ඉඩ සැළසිම
- රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලිකරණය කිරිම
- රාජ්‍ය අයවැය හිගය අඩුකර ගත යුතු අතර, එමෙන්ම අයවැය හිගය පියවා ගැනිම සදහා රජය ලබා ගන්නා ණය මුදල් ප්‍රමාණයද අඩු කිරිම මගින් පෞද්ගලික ආයෝජන කටයුතු වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා ගැනිමට ඉඩ සැළසිම
- සර්ව ආර්ථික ඵලදායිතාව සදහා අයවැය ප්‍රතිපත්තිය සහ මුල්‍ය ප්‍රතිපත්තිය යොදා ගැනිම
- විදේශිය ප්රාග්ධනය සහ ආයෝජන ලබා ගැනිම සදහා පියවර ගැනිම