2003 අයවැය ලේඛණය මගින් ග්‍රාමිය සංවර්ධනය සදහා පිහිටුවිමට අවශ්‍ය අරමුදල්
- මානව සම්පත් අරමුදල්
- ග්‍රාමිය ආර්ථික පුනර්ජිවන අරමුදල
- කෘෂි ව්‍යවසාය සංවර්ධන
මානව සම්පත් අරමුදල :- නියමිත නිර්නායක සපුරාලන ශිෂ්‍යන්ට හා තරුණ තරුණියන්ට තෘතියික අධ්‍යාපනය සහ වෘත්තිය පුහුණුව ලබා දිමට මෙන්ම සේවකයන්ගේ තොරතුරු තාක්ෂණ වැනි දක්ෂතා ඉහළ නැංවිම සදහා මෙම අරමුදල යොදා ගැනිමට අපේක්ෂිතය.
ග්‍රාමිය ආර්ථික පුනර්ජිවන අරමුදල:- කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත, සහ ධිවර කර්මාන්ත සංවර්ධනය ඇතුළු ග්‍රාමිය ව්‍යාපෘති සදහා ආධාර සැපයිම පිණිස මෙම අරමුදල ක්‍රියාත්මක වේ.
කෘෂි ව්‍යවසාය සංවර්ධන අරමුදල :- කුඩා හා මධ්‍යම පරිමාණ ගොවින්ට සිය කාර්මික දක්ෂතා වැඩි දියුණු කර ගැනිමටද, අලුත් බෝග සහ නව තාක්ෂණ හදුන්වා දිමට එමෙන්ම ග්‍රාමිය වැව් නඩත්තුවටද පිළිගත් ඉහළම මට්ටමේ ආයතනික සහයෝගය ඇතිව අරමුදල ක්‍රියාත්මක කෙරෙනු ඇත.