ග්‍රාමිය ජනතාවට බොහෝ විට ස්ථාවර ආදායම් නොමැති කෘෂි කාර්මික බෝග සදහා ලැබෙන ආදායම්ද, උච්චාවචනයන්ට පත්වේ. මේ නිසා ග්‍රාමිය ජනතාවට නිෂ්පාදනයට මෙන්ම පරිභෝජනයටද මුදල් හා ද්‍රව්‍ය වශයෙන් ණය ගැනිමට සිදු වේ. මෙය ග්‍රාමිය ණය ගැති භාවය යනුවෙන් අදහස් වේ.
ග්‍රාමිය ජනතාව බොහෝ විට ණය ලබා ගන්නේ, අවිධිමත් අංශයන් ඉහළ පොලී අනුපාතිකයක් යටතේය. පොලී අනුපාතිකය ඉහළ නිසාත් ණය ගෙවිමට ආදායම් මාර්ග ප්‍රමාණවත් නොවන නිසාත් ලබා ගත් ණය පියවිම සදහා නැවත නැවතත් ණය ලාබා ගැනිමට බොහෝ ග්‍රාමිය ජනකොටස්වලට සිදු වේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ග්‍රාමිය ජනතාව ණය බරින් තව තවත් පීඩාවට පත්විමය.