තාර්කික මිල ප්‍රතිපත්ති
 

තාර්කික මිල ප්‍රතිපත්තියක් නොමැතිවිම, යටිතල පහසුකම් සංවර්ධනයේදි ප්‍රධාන බාධාවක්ව පවතින බව


යටිතල පහසුකම්වලදි තාර්කික මිල ප්‍රතිපත්තියක් පැවතිම, යන්නෙන් අදහස් වන්නේ, යටිතල පහසුකම් සදහා මිල අඩුවිමක් සිදුවිමත් යෙදවුම් පිරිවැය වැඩිවන විට සාධාරණ පරිදි මිල වැඩි වීමක් සිදුවිමත්ය.තාර්කික මිල ප්‍රතිපත්තියට නිදසුන් වශයෙන් 2002 වර්ෂයේදි රජය විසින් ඛනිජ තෙල් නිෂ්පාදිත සදහා ස්වයංක්‍රීය මිල ගැළපුම් ක්‍රමයක් සහ මාර්ගස්ථ මගි ප්‍රවාහනය සදහා නම්‍ය ගාස්තු ක්‍රමයක් හදුන්වා දිම දැක්විය හැකිය.


යටිතල පහසුකම් සදහා තාර්කික මිල ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමෙන්, අවිනිශ්චිත භාවය අඩු විම, රාජ්‍ය අය වැය සහ සර්ව ආර්ථිකය කෙරෙහි බලපැමක් ඇති නොවිම, මිල විකෘති විම් වලක්වාලිම යටිතල පහසුකම් සදහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය වැඩිකර ගැනිමට හැකි විම, යනාදි ප්‍රතිලාභ ලබාගත හැකිය.


ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් සපයන ආයතන ප්‍රතිසංවිධානය සදහා යොදා ගත හැකි ක්‍රම



  • ස්වාධින ව්‍යාපාර බිහි කිරිම
  • කොන්ත්‍රාත් ක්‍රමයට සේවා ලබා ගැනිම
  • බාහිර ආයතනවලට කළමණාක‍ාර කටයුතු භාර දිම
  • ඉදිකිරිම්, (Build) හිමිකම් ලබා ගැනිම (Own) සහ ක්‍රියාත්මක කිරිම (Operate) - BOO
  • ඉදිකිරිම්, ක්‍රියාත්මක කිරිම සහ හිමිකම් පැවරිම (transfer) - BOT
  • උපක්‍රමික හවුල්කරුවන් යොදාගැනිම
  • පෞද්ගලිකරණය
  • සංස්ථාගත කරණය

BOO සහ BOT ලෙස දැක්වෙන්නේ විශාල යටිතල පහසුකම් සැපයි‍මේදි ඒවාට පෞද්ගලික අංශ සහභාගිකරව‍ා ගත හැකි ක්‍රමයන්ය.

(c) Shilpa Sayura Foundation 2006-2017