ආර්ථික හ සමාජ පොදු කාර්ය සේවා
 

පොදු කාර්ය සේවා හෙවත් පොදු කාර්ය ප්‍රාග්ධනය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය.එනම්,




    • ආර්ථික පොදු කාර්ය සේවා (ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය)
    • සමාජ පොදු කාර්ය සේවා (සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය)

ආර්ථික පොදු කාර්ය සේවා


නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය යටිතල පහසුකම්, ආර්ථික පොදු කාර්ය ලෙස හැදින්වේ.


ආර්ථික පොදු කාර්යවලට නිදසුන් :- මංමාවත්, විදුලිබලය, විදුලි සංදේශ සේවා, ජල සැපයුම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනය, ඉඩම් හා වාරිමාර්ග සංවර්ධනය, කසළ සහ කාර්මික අපද්‍රව්‍ය ඉවත් කිරිම.


ආර්ථික පොදු කාර්ය සේවා සංවර්ධනය කිරිමෙන් රටකට ලද හැකි ප්‍රධාන ප්‍රයෝජන



  • නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනිමට හැකිවිම
  • නිෂ්පාදන කාර්යයට පෞද්ගලික අංශය පොළඹවා ගත හැකිවිම
  • විදේශ ආයෝජන ලබා ගැනිම පහසුවිම
  • සාධක ඵලදායිතාව වැඩිකර ගැනිමට ආධාරකයක් විම
  • ආර්ථික වර්ධනය වේගවත් කර ගැනිමට සාධකයක් විම
  • යටිතල පහසුකම් දියුණු රටකට ලෝකයේ පවතින පිළිගැනිම ලබා ගත හැකිවිම

සමාජ පොදු කාර්ය සේවා (සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය)


සමාජ සුභ සාධනය ඉලක්ක කොට පවත්වා ගෙන යන රෝහල්, පාසල්, දිළිදු සහනාධාර, පරිසර සංරක්ෂණ, යනාදි සමාජ පොදු පහසුකම්, සමාජ පොදු කාර්ය සේවා ලෙස සැලකේ.


ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය ඉටුකළ යුතු වැදගත් අවශ්‍යතා



  • යටිතල අංශයේ පවත්නා සැපයුම් අවහිරතා ඉවත් කිරිම
  • මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවිම
  • යහපත් තරගකාරිත්වයක් සදහා වෙළෙද පොළ නිරිමාණය කිරිම
  • තාර්කික මිල ප්‍රතිපත්ති ස්ථාපිත කිරිම
  • පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කිරිම

(c) Shilpa Sayura Foundation 2006-2017