බහුවිධ කෙදි (බහු කෙදි) ගිවිසුමට අනුව 2005 දි ඇගළුම් පංගු ක්‍රමය අහෝසි විම
ඇගළුම් කර්මාන්තය මුහුණ පාන ප්‍රධාන අභියෝගය වනුයේ 2005 දි ඇගළුම් පංගු ක්‍රමය අහෝසි විමය. අපනයනය සදහා ස්ථාවර වෙළදපොළක් සහතික කරවිම, සහ තරගකාරිත්වය ආරක්ෂා කිරිම යන පහසුකම් මගින් පංගු ක්‍රමය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්රතිලාභ ලැබිය.
1994දි රෙදි පිළි සහ ඇගළුම් සදහා වන උරුගුවෙහි වට සාකච්ඡා මගින් රෙදි පිළි පංගු සීමා කිරිම සහ දියුණු රටවල් විසින් නිෂ්පාදිත කෙදි වෙළදාම පිළිබද සාකච්ඡා වටය අනුව රෙදි පිළි පංගු සීමා කිරිම, අදියර 4 ක් යටතේ 1995 ජනවාරි 01 වන දා සිට ආරම්භකරන ලදි. මෙම ගිවිසුමට අනුව රෙදි පිළි සදහා වන පංගු සිමා කිරිම 1995 ජනවාරි 01 දා සිට වර්ෂ 10 ක් තුලදි අදියර 4 ක් යටතේ ඉවත් කිරිමට නියමිතය.
මේ අනුව ඇගළුම් පංගු ක්‍රමය 2005 දි අහෝසි විමත් සමගම ඇගළුම් කර්මාන්තයේ ජාත්‍යන්තර තරගකාරිත්වය වැඩිවනු ඇති අතර එය අඩු පිරිවැය සහිත වු ද, වඩාත් දියුණු යටිතල පහසුකම් සහිත වුද, රටවලට වාසි දායක තත්ත්වයක් උදාකර දෙනු ඇත. පංගු ක්‍රමය නිසා පැවැති ආරක්ෂණය නැතිවිමත් සමගම කුඩා පරිමාන නිෂ්පාදිකයන් සතුව තිබු වෙළද පොළ කොටස් වඩාත් කාර්යක්ෂම විශාල ප්‍රමාණයේ නිෂ්පාදිකයන් විසින් අත්කර ගනු ඇතැයි අපෙක්ෂා කෙරේ.