පසුගිය දශක දෙක තුළදි ශ්‍රි ලංකාවේ ශිඝ්‍රයෙන් වර්ධනය වි ඇති ඇගළුම් කර්මාන්තය, ශ්‍රි ලංකා ආර්ථිකයෙහි සුවිශේෂි වැදගත්කමක් හිමිකර ගෙන ඇත. නිදසුන් වශයෙන් 2002 වර්ෂයේ මුළු අපනයන ඉපයුම්වලින් 53% කට දායක යු රෙදි පිළි හා ඇගළුම් කර්මාන්තවල දළ දේශිය නිෂ්පාදිතයෙන් 5.5% කට දායක විය. මධ්‍යම පරිමානයේ ඇගළුම් කර්ම්හල් වලින් පුද්ගලයන් 330,000 කට අධික ප්‍රමාණයකට සෘජු රැකියා අවස්ථා සපයා ඇත.
රෙදි පිළි හා ඇගළුම් කර්මාන්තයේ මෙවැනි ශිඝ්ර වර්ධනයක් අැති විමට ප්‍රධන සාධක කිහිපයක් බලපා තිබේ.
- ඇගළුම් පංගු ලැබිම හේතුවෙන් ස්ථාවර ඉල්ලුමක් පැවැතිම
- රජය විසින් අනුගමනය කරන ලිහිල් ප්‍රතිපත්තිය
- කර්මාන්ත සදහා ලැබුණු විදේශ සහභාගිත්වය
- අඩු පිරිවැයක් යටතේ ශ්‍රමය ලබා ගත හැකිවිම
ඇගළුම් කර්මාන්තය වර්තමානයේ මුහුණ පා ඇති අභියෝග
- 2005 දි පංගු ක්‍රමය ඉවත් කිරිම (මෙය ප්‍රධානතම අභියෝගය ලෙස සැලකේ.)
- චීනයෙන් එල්ලවන දැඩි තරගකාරිත්වය
- වෙළදාමේ දිසාව වෙනස් විමට තුඩු දෙන වෙළද පොළ සම්මුතින්ගේ ව්‍යාප්තිය
- අඩු පිරිවැය නිෂ්පාදිතයන්ගේ ජාත්‍යන්තර වෙළද පොලට පිවිසිම
- ජාත්‍යන්තර තරගකාත්වයට බලපාන දේශිය යටිතල පහසුකම්වල සිදුවන මන්දගාමි වර්ධනය
ඉහත සදහන් කරුණු අතරින් කරුණු දෙකක් පිළිබද විස්තර ස්වල්පයක් සලකා බලමු.
ඉන් එක් කරුණක් නම්, චීනයෙන් එල්ලවන දැඩි තරගකාරිත්වයයි. චීනය 2001 දි ලෝක වෙළද සංවිධානයට ඇතුළත් විය. ඒ අනුව චීනයට එහි සාමජිකයකු වශයෙන් ප්‍රථිලාභ අත්විදිමටත් අනාගතයේදි තම වෙළද පොළ කොටස වර්ධනය කර ගැනිමටත් අවස්ථාව සැළසි ඇත. ශක්තිමත් රෙදි පිළි නිෂ්පාදන පදනමක් පැවැතිම, තාක්ෂණයේ අඛණ්ඩ වර්ධනය හා සාපේක්ෂව අඩු ශ්‍රම පිරිවැයක් පැවැතිම යනාදි හේතු නිසා චීනය වඩාත් තරගකාරි නිෂ්පාදකයා සහ ලෝකයේ අඩු පිරිවැය රෙදිපිළි නිෂ්පාදකයා බවට පත් වෙමින් සිටි.
සලකා බැලිය යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ, වෙළදාමේ දිසාව වෙනස් විමට තුඩු දෙන වෙළද සංයුතියේ ව්‍යාප්තිය, යන්නයි. ප්‍රාදේශිය වෙළද සම්මුති වලින් සිදුවන වර්ධනය, සංවර්ධනය වෙමින් පවතින රට වලට තම අපනයන වැඩි කිරිමට බාධා වන සේ විශාල අභියෝගයක් වී තිබේ. උතුරු ඇමරිකානු නිදහස් ගිවිසුම, (north American free trade agreement ) කැරිබියානු ප්‍රදේශයේ මුල් පිරිම (Caribbean basin initia tive) සහ අප්‍රිකානු වර්ධනය සහ අවස්ථාවන් පිළිබද පනත (African growth and opportunities act) යන ද්විපාර්ශික සහ ප්‍රාදේශිය වෙළද සම්මුතින් බිහිවිම නිසා එක්සත් ජනපද වෙළද පොළ තුළ තරගකාරිත්වය වැඩිවි ඇත. මෙම වෙළද ගිවිසුම නිසා වාසි ලද රටවල් එක්සත් ජනපද වෙළද පොළහි තම වෙළද පොළ කොටස ශක්තිමත් කරගෙන ඇති අතර මිල වාසිද ලබා ඇත. මේ තත්ත්වය ශ්‍රි ලංකාව ඇතුළු එක්සත් ජනපද වෙළද පොළට ඇගළුම් අපනයනය කරන අනෙකුත් අපනයන කරුවන්ට විශාල අභියෝගයක් වි ඇත.