මෑත වර්ෂවල ශ්‍රි ලංකාවේ ආනයන ව්‍යුහයේ ස්වරුප
 

මෑත වර්ෂවල ශ්‍රි ලංකාවේ ආනයන ව්‍යුහයේ ප්‍රධාන ආනයන භාණ්ඩ වර්ග තුනකින් සමන්විත වේ.



  • පාරිභෝගික භාණ්ඩ
  • අන්තර් භාණ්ඩ
  • ආයෝජන භාණ්ඩ

මෑත වර්ෂවල ආනයන ව්‍යුහයේ වඩ‍ාත් වැදගත් භාණ්ඩ වර්ගය වුයේ අන‍්තර් භාණ්ඩයි. ප්‍රධාන අන්තර් භාණ්ඩ ලෙස ඛණිජ තෙල්, රෙදි පිළි, රසායනික ද්‍රව්‍ය යනාදි සැලකේ.


අනායන භාණ්ඩ අතර දෙවන ස්ථානය හිමිවන්නේ, ආයෝජන භාණ්ඩවලට යන්ත්‍රෝපකරණ, ගොඩ නැගිලි ද්‍රව්‍ය, ප්‍රවාහන උපකරණ, ආයෝජන භාණ්ඩ අතර ප්‍රධාන ඒවා වේ


ආනයන ව්‍යුහය තුල තෙවන ස්ථානය පාරිභෝගික භාණ්ඩ වලට හිමි වේ. ආහාර හා පාන වර්ග, ‍ඖෂධ වර්ග කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ, මේ අතර ප්‍රධාන ඒවා වේ.


1977 ආර්ථික ලිහිල් කරණයෙන් පසු ආනයන ව්‍යුහයේ සිදුවු වැදගත් වෙනස් විම්


1977 සිට ආනයන ව්‍යුහයේ සිදු වි ඇති ඉතාම වැදගත් වෙනස වන්නේ, පාරිභෝගික භාණ්ඩවල වැදගත්කම අඩු වි අන්තර් භාණ්ඩවල හා ආයෝජන භාණ්ඩවල සාපේක්ෂ වැදගත්කම ඉහළ යාමයි.


1977 සිට ආනයන ව්‍යුහයේ සිදු වි ඇති ඉතාම වැදගත් වෙනස වන්නේ, පාරිභෝගික භාණ්ඩවල වැදගත්කම අඩු වි අන්තර් භාණ්ඩවල හා ආයෝජන භාණ්ඩවල සාපේක්ෂ වැදගත්කම ඉහළ යාමයි.


මෙම වෙනසට ප්‍රධාන හේතුන් ලෙස සැලකිය හැක්කේ දේශිය පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන ඉහළ යාම, ආනයන සිමා කිරිමේ ප්‍රතිපත්ති, සමගම ප්‍රවාහනය ඉදි කිරිම් කර්මාන්ත ‍අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සංවර්ධන යෝජනාවල දියුණුවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017