ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්ති
 

ආනයන පාලනයට හෝ අනයන තහනමට හෝ යටත් වු භාණ්ඩය වෙනුවට ඊට සාමාන භාණ්ඩ දේශිය වශයෙන් නිෂ්පාදනය කිරිමේ ප්‍රතිපත්තිය, ආනයන ආදේශ කර්මාන්ත ප්‍රතිපත්තිය වේ. ආනයන ආදේශ කර්මාන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට තුඩු දෙන ප්‍රධාන හේතුන් ලෙස,



  • ගෙවුම් තුලන ප්‍රශ්න අඛණ්ඩව පැවැතිම
  • කාර්මික වශයෙන් ස්වයංපෝෂිත විමේ බලවත් අවශ්‍යතා, යන හේතුන් දැකිය හැකිය.

ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තියක පැවැතිය හැකි ප්‍රධාන දුර්වල‍තා


  • ආරක්ෂණ ලබා දිමට අවශ්‍ය සහ ආරක්ෂණය ලබාදිමට අවශ්‍ය ොවන යන දෙවර්ගයේම භාණ්ඩ සදහා මේ යටතේ ආරක්ෂණය ලැබිම.
  • ආරක්ෂණය නිසාම කර්මාන්ත වල අකාර්යක්ෂමතාවය ඇති විය හැකිය.
  • පරිභෝගිකය‍ාට උසස් තත්ත්වයෙන් යුත්, එමෙන්ම අඩු පිරිවැය සහිත භාණ්ඩ ලබා ගැනිමේ අවස්ථාව නැති වි යාම.
  • රජයට ලබා ගැනිමට හැකිව තිබු තීරු බදු ආදායම් නොමැතිව යාම.
  • ඇතැම් ආදේශන ආනායන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය තාක්ෂණය සහ කළමණාකරනය විදේශ වලින්ම ආනයනය කර ගැනිම‍ට සිදු විම.
  • ගෙවුම් තුලන ප්‍රශ්නයට විසදුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්ති මගින්, විදේශ විනිමය වැය කරන ගෙවුම් තුලන ප්‍රශ්නයට තවත් රුකුලක් වන වැඩ පිළිපිළිවෙළක් විය හැකි විම.
  • (c) Shilpa Sayura Foundation 2006-2017