දුගි බව (දරිද්‍රතාව) පිටු දැකිම
 

ජනතාවට අවම ජිවන තත්ත්වයක්වත් නොමැති විම හෝ ලබා ගත නොහැකි විම හෝලබාගත නොහැකි වීම දුගී බව හෙවත් දරිද්‍රතාව යනුවෙන් හැදින්වේ. මෙම සංකල්පය, දුගි බව, දුප්පත්කම, දිළිදුකම යනාදි සමාන යෙදුම්වලින්ද හැදින්විය හැකිය.


මෙහිදි අවම ජිවන තත්ත්වයක් ලබා ගත නෙ‍ාහැකි වම යන්නෙන්, ආහාර පාන, පෝෂණය, සෞඛ්‍ය‍, අධ්‍යාපනය, සනිපාරක්ෂක සේවා, සේවා, නිවාස යනාදි මුලික අවශ්‍යතා අවම මට්ටමින්වත් ඉටු කර ගැනිමට නොහැකි විමේ තත්ත්වය අවධාරණය කෙරේ.


සාපේක්ෂ දුගි බව හා නිරපේක්ෂ දුගි බව, දෙයාකර ලෙස දැක්විය හැකිය.


දුප්පත්කම පුද්ගලයන් ප්‍රතිශතයකට මුළු ආදායමෙන් හිමිවන ආදායම් ප්‍රතිශතය සාපේක්ෂ දුගි බවෙන් දැක්වේ. නිදසුන්:- 10% ජන කොටසකට මුළු ආදායමෙන් 5% ලැබිම. මේ මගින් විවිධ ජන කොටස් අතර සාපේක්ෂ දුප්පත්කම සොයාගත හැකිය.


කිසියම් ආදායම් මට්ටමකට අඩු ජන ‍කොටසෙහි ප්‍රතිශතය නිරපේක්ෂ දුගි බවෙන් දක්වනු ලැබේ. නිදසුන්:- මාසික ආදායම රු 1,000 කට අඩු පවුල් ප්‍රතිශතය 35% ක් ලෙස දැක්විම. මේ මගින් නිරපේක්ෂ දුගි බව හදුනාගත හැකිය. ඒ අනුව දරිද්‍රතා මායිම රු. 1,000 ලෙස තීරණය වී ඇත්නම් ඊට අඩු ජන‍ කොටස දැන ගත හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017