ආර්ථිකයේ ආයෝජන ක්‍රියාවලිය සදහා ඉතුරුම් වැඩි කිරිම
 

ආර්ථිකයේ සමතුලිතය කෙරෙහි සලකා බැලිමේදි ඉතුරුම්, ආයෝජන වලට සමාන බව දැක්වේ. ඉතුරුම් සමානයි ආයෝජන යන මෙම කොන්දෙසි අනුව පෙනි යන්නේ, ඉතුරුම් වැඩි කිරිම් මගින් ආයෝජනද වැඩි කළ හැකි බවය.


මෙහිදි ඉතුරුම් ලෙස සැලකෙන්නේ, දේශිය ඉතුරුම්ය. රටක ආයෝජන මට්ටම තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් ලෙස දේශිය ඉතුරුම් සැලකේ.


මෙහිදි ඉතුරුම් අංශ තුනක් මගින් සිදු වේ. එම අංශ තුන නම්,



1. කුටුම්බ ඉතුරුම්


2. ව්‍යාපර ඉතුරුම්


3. රාජ්‍යඉතුරුම්


කුටුම්බ ඉතිරිකිරිම සදහා බලපවත්නා ප්‍රධානම සාධකය ලෙස පොළි අනුපාතිකය සැළකේ.


ව්‍යාපාර ඉතුරුම් සදහා බලපවත්නා ප්‍රධානම සාධකය වන්නේ, වැඩි ඵලදායිත්වයෙන් යුත් ආයෝජන අවස්ථා පැවැතිමයි.


අයවැය ලේඛනයේ වර්තන ගිණුමේ අතිරික්තය බිහිකිරිම මගින් රාජ්‍ය ඉතුරුම් ඇති කළ හැකිය.



    රටක ආයෝජනය එරටෙහි ඉතුරුම් වලට පමණක් සීමා විය යුතුද?


    රටක ආර්ථික වර්ධන වේගය වැඩි කිරිම සදහා ආයෝජනය ඉහළ නැංවිම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ. මේ සදහා දේශිය ඉතුරුමි ප්‍රමාණවත් නොවේ නම්, ‍විදේශ ආයෝජන (එනම් විදේශ ප්‍රග්ධනය) හා සෘජු ආයෝජන, යනාදි වශයෙන් විදේශ ආයෝජන, යනාදි වශයෙන් විදේශ ආයෝජන ලබා ගත හැකිය.


    මේ අනුව, රටක ආයෝජනය, එරට ඉතුරුම්වලට පමණක් සිමා විය යුතු දෙයක් නොවන බව පැහැදිලි වේ.

    (c) Shilpa Sayura Foundation 2006-2017