- රජයේ ආයෝජන තිරණය විම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ, රජයේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තියන්ය. මේ යටතේ ආයෝජන සදහා පවතින වෙළද පොළ ඉල්ලුම් සැපයුම් බලවේල වලට වඩා සුබ සාධන අරමුණු කෙරෙහි රජයේ වැඩි අවදානය යොමු විය හැකිය. ඇතැම් විට වෙළද පොළ බලවේග මුලුමනින්ම නොතකා හැර ශුභ සාධනය මුල් කරගෙනම රාජ්‍ය ආයෝජන ප්‍රතිපත්ති තීරණය විය හැකිය.
- පෞද්ගලික ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි බලපවත්වන ප්‍රධාන සාධකයක් වනුයේ, ආයෝජනවල ලාභදායිත්වයයි. නිෂ්පාදන භාණ්ඩ සදහා පුළුල් වෙළද පොළක් පැවැතිම මේ යටතේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සැලකේ.
- පෞද්ගලික ආයෝජන ප්‍රතිපත්ති කෙරෙහි බල පවත්වන තවත් වැදගත් සාධකයක් ලෙස, ආයෝජනවල පවත්නා සුරක්ෂිතතාව සැලකේ. ව්‍යාපාර අත්පත්කර ගැනිමේ රාජ්‍ය නීති, යුද්ධ, ස්භාවික උවදුරු යනාදි කරුණු කෙරෙහි මේ යටතේ සලකා බැලේ.