ස්ථායිතාවය සදහා ප්‍රධාන වශයෙන් භාවිතා වන විවිධ ප්‍රතිපත්ති
 

මුල්‍ය ප්‍රතිපත්ති

නිෂ්චිත ආර්ථික අරමුණු ඉටුකර ගැනිම සදහා පොළි අනුපාතිකය මුදල් සැපසුම් සහ ණය සැපසුම් මෙහෙයවිම මුල්‍ය ප්‍රතිපත්ති වලට අයත් වේ. මුල්‍ය ප්‍රතිපත්ති මගින් රටේ වියදම් මට්ටම කෙ‍ෙරහි බලපෑමක් ඇති කළ හැකිය. මුල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන‍්නේ මහ බැංකුව විසින්ය.


2. රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය


නිෂ්චිත ආර්ථික අරමුණු ඉටු කර ගැනිම සදහා බදුකරණ, රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය, අයවැය මෙහෙයවිම රාජ්‍ය අයවැය ප්‍රතිපත්ති වලට අයත් වේ. මේවා රාජ්‍ය අයවැය මගින් ක්‍රියාත්මක වේ.


3. විදේශ විනිමය ප්‍රතිපත්ති


නිෂ්චිත ආර්ථික අරමුණු ඉටු කර ගැනිම සදහා විදේශ විනිමය අනුපාතිකය මෙහෙයවිම මෙයින් අදහස් වේ.


4. විදේශ වෙළද ප්‍රතිපත්තිය


අපනයන දිරිගැන්විමේ ක්‍රම සහ ආනයන පාලනය කිරිමේ ක්‍රම විදේශ වෙළද ප්‍රතිපත්තිවලට අයත් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017