ගෙවුම් තුලන ප්‍රශ්නය
 

ගෙවුම් තුලන ප්‍රශ්නය, තාවකාලික ගෙවුම් තුලන ප්‍රශ්නයක් හෝ දිගු කාලිනව පවතින ගෙවුම් තුලනයේ අසමතුලිතතා ප්‍රශ්නයක් (එනම්, ව්‍යුහමය ගෙවුම් තුලන ප්‍රශ්නයක්) හෝ විය හැකිය.


ගෙවුම් තුලන හිගය රටකට ගැටලුවක් විය හැකි ආකාරය


ගෙවුම් තුලන හිගයක් පවතින විට රටක විදේශ වත්කම් අඩු විමත් විදේශ ණය ගැනිම වැඩිවිමත් සිදු වේ. මෙම තත්ත්වය යටතේ විදේශ ණය යනාදිය ලබා ගැනිමට අනිවාර්යෙන් පැවැතිය යුතු මුල්‍ය විස්වාසනියත්වය එම රටට නොමැති විය යා හැකිය. ගෙවුම් තුලන හිගය හේතු කොට ගෙන එවැනි තත්ත්වයකට මුහුණ දිමට රටකට සිදුවුවහොත් එය බරපතල ගැටලුවක් විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017