උද්ධමන ප්‍රශ්නයට‍ තුඩු දුන් හේතුව
 

පිරිවැය වැඩිවිම



  • අපේක්ෂිත පිළයම් :- පිරිවැය අ‍ඩු කිරිම සහ එහි වර්ධනය සීමා කිරිම
  • අනුගමනය කරන ප්‍රතිපත්ති :-

    • අයවැය ප්‍රතිපත්ති
    • මුල්‍ය ප්‍රතිපත්ති


  • ප්‍රතිපත්ති අඩංගු උපකරණ

    • නිෂ්පාදන සහනාධාර
    • බදු සහන
    • පොළි අනුපාතිකය අ‍ඩු කිරිම

  • ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම තුලින් අපේක්ෂිත ප්‍රතිඵල

    • සහනාධාර සැපයිම සහ බදු සහන සැපයිම හේතු කොට ගෙන නිෂ්පාදන පිරිවැය අඩු විම, එමෙන්ම පොළි අනුපාතිකය අඩු විම හේතු කෙ‍ාටගෙන ණය පිරිවැය අඩු විම

උද්ධමන පාලනය සදහා යොදා ගන්නා මුල්‍ය සහ අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේදි ඇතිවන ප්‍රධාන සිමාවන්



  • විවිධ වෙළද පොළ ක‍ටයුතු සාර්ථකව යොදා ගැනිමට‍ දියුණු මුදල් වෙළද පොළක් පැවැතිවිම අවශ්‍ය වීම
  • වාණිජ බැංකුවල අධි සංචිත පැවැතිම හේතු කොට ගෙන ණය සැපයුම් සීමා කිරිමට බාධාවක් ‍වීම
  • ණය යොදාගන්නා මාර්ගවලින් ඉහළ ලාභයක් ලැබිම. මෙවැනි තත්ත්වයක් පවතින විට ණය ගැනිම අඩු කළ නොහැකිය
  • අය වැය ප්‍රතිපත්ති වෙනස් කිරිමට ඇති නැමියාව අඩු විම. නිදසුන් වශයෙන් දේශපාලන හේතුන් මත රාජ්‍ය වියදම් කපා හැරිමට රාජ්‍ය උනන්දු නොවිම

    උද්ධමන හෝ අවධමන, නිරාවරණ පිළියම් ලෙස දැක්විය හැකි ප්‍රධානයෝජනා


  • ආර්ථිකයේ සමහර ඉල්ලුම‍ට, සමහර සැපයුම අනුකූල විය යුතුය.

    එනම්, ආර්ථිකයේ මුළු භාණ්ඩ හ‍ා සේවා ඉල්ලුමට මුළු භාණ්ඩ සේවා සැපයුම අනුකූල විය යුතුය.


  • ආර්ථිකයේ මුළු නිෂ්පාදිතයේ වර්ධනයට අනුකූල වන පරිදි මුල් සැපයුමේ වර්ධනයක් පැවැතිය යුතුය.
  • අයවැය හිගය පියවිමට මුල්‍ය ප්‍රසාරණ මාර්ග යොදා ගත නොගත යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017