පුමිතිරි අනුපාතිකය
 

රටක ජනගහනයේ සිටින ස්ත්‍රි සංඛ්‍යාවට අනුකුලව සිටින පිරිමි සංඛ්‍යාව දැක්වෙන අනුපාතිකය එම ස්ත්‍රි සංඛ්‍යාවෙන් එක් දහසකට දක්වන ප්‍රමාණය, පුමිතිරි අනුපාතය ලෙස සදහන් වේ.


පුමිතිරි අනුපාතය වෙනස් විමට රැකියා, අධ්‍යාපන කටයුතු සදහා විදේශගත විම, යුද්ධය අදිය නිසා සිදුවන පිරිමි මරණ බලපානු ඇත.


පුමිතිරි අනුපාතය = රටතුළ සිටින පිරිමි සංඛ්‍යාව x 1,000  
                        රටතුළ සිටින ස්ත්‍රි සංඛ්‍යාව


සාඵල්‍යතා අනුපාතිකය


සලකා බලනු ලබන වර්ධයේ දරු උපත් සංඛ්‍යාව, එම වර්ෂයට අදාලව දරුවන් ලැබිය හැකි වයසේ සිටින ස්ත්‍රින්ගේ සංඛ්‍යාවෙන් දහසකට දැක්වෙන අනුපාතිකය සඵල්‍යතා අනුපාතිකය යනුවෙන් හැදින්වේ .


සාඵල්‍යතා අනුපාතය         = සලකා බලන ලද වර්ෂයේ ලද උපත් සංඛ්‍යාව   x 1,000 
                                          වයස අවු. 15 -49 ස්ත්‍රින් සංඛ්‍යාව


සැපයුම් අනුපාතිකය 


සැපයුම් අනුපාතිකය යනු, වයස අවුරුදු 15 ට අඩු සහ වයස අවුරුදු 65 ට වැඩි ජනගහනය. අවුරුදු 15 - 64 අතර ජනගහනයෙහි ප්‍රතිශතයක් ලෙස දැක්විමයි.


යැපුම් අනුපාතිකය, ළමා සැපයුම් අනුපාතිකය හා වයස්ගත යැපුම් අනුපාතිකය යනුවෙන් දෙආකාරයකින් වර්ග කෙරේ.


ළමා සැපයුම් අනුපාතිකය


අවුරුදු 15 – 64 වයස් කාණ්ඩයේ ජනගහනයෙන් සැම පුද්ගලයින් 100 කට ම සිටින වයස අවුරු 14 හෝ ඊට අඩු ජන සංඛ්‍යාවයි.


ළමා සැපයුම්  අනුපාතිකය  =  අවු. 0-  14  වයස් කාණ්ඩය  x 1,000  
                                    අවු 15 -64 වයස් කාණ්ඩය


වයස්ගත යැපුම් අනුපාතිකය


අවුරුදු 15- 64 වයස් කාණ්ඩයේ ජන ගහනයෙන් සෑම පුද්ගලයින් 100 කටම සිටින වයස අවුරුදු 65 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාව


වයස්ගත යැපුම් අනුපාතිකය = අවු. 65  හෝ ඊට වැඩි වයස් කාණ්ඩය  x 1,000  
                                      අවු. 15 – 64 වයස් කාණ්ඩය 

(c) Shilpa Sayura Foundation 2006-2017