ශ්‍රි ලංකාවේ ජන විකාශනය වෙනස් විම් කැපි පෙනෙන ලක්ෂණ
 


  • මුළු ජනගහනය ක්‍රමයෙන් වැඩිවි ඇත. 1971 දි දශ ලක්ෂ 14.8 කි. 2002 දි දශ ලක්ෂ 19කි
  • ජනගහන වර්ධනයේ වේගය සාමාන්‍යයෙන් සියයට 1.5 පමණ දක්වා වු පහළ මට්ටමක පවති. ජනගහන වර්ධන ප්‍රතිශතය 1971 දි 2.3 ක් ද, 1981 දි 1.6 ක් ද, 2002 දි 1.5 ක්ද වි ඇත.
  • දිස්ත්‍රික්ක අතරින් වැඩිම ජනගහන වර්ධන අනුපාතිකයක් පවතින දිස්ත්‍රික්ක දෙක වන්නේ කොළඔ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්ය.
  • පුමිතිරි අනුපාතිකය ක්‍රමයෙන් අඩු වි ඇත. එම අනුපාතිකය 1971 දි 106 ක් ද, 1981 දි 110 ක් ද, 2001 දි 98ක් ද වි ඇත.
  • ශ්‍රි ලංකාවේ සාපල්‍යතා අනුපාතිකය ශිඝ්‍රයෙන් අඩුවෙමින් පවති ශ්‍රි ලංකාවේ සමස්ථ සාඵල්‍යතා අනුපාතය 1953 දි 5ක් වු අතර එය 1982 -87 කාල පරිච්ඡේදය සදහා 2.8 දක්වා ද, 1995 -2000 කාලපරිච්ඡේදය සදහා 2 දක්වාද අඩුවි තිබේ.
  • අන් බොහෝ රටවල මෙන්ම ශ්‍රි ලංකාවේ සමස්ථ ජනගහනයෙන් ද, වයස්ගත වෙමින් පවති. වයස අවුරුදු 65 වැඩි ජනගහන ප්‍රතිශතය 1963 දි 3.6 ක් වු අතර 1971 දි 42 ක් ද, 1981 දි 5.4 ක් ද 2001 දි 7.0 ක් ද, 2002 දි 9.8 ක්ද වි ඇත.
  • වයස අවුරුදු 18 අඩු ජනගහන අනුපාතය ශිඝ්‍ර ලෙස අඩුවෙම්න් පැවැතිම. වයස අවුරුදු 18 ට අඩු ජන ප්‍රතිශතය 1971 සංගණනයේදි 49.6 ක් ද,1981 සංගණනයේදි 32.9 ක්ද, විය.

මෑත වර්ෂවලදි ජන සංඛ්‍යා වර්ධන අනුපාතිකය අඩු විම කෙරෙහි බලපා ඇති ප්‍රධාන සාධක




    • උපත් අනුපාතිකය අඩු විම
    • විවහ‍ා වන වයස් සීමාව අඩු විම
    • විවහා නොවන්නන් වැඩිවිම
    • සඵල්‍යතා අනුපාතය අඩු විම
    • අධ්‍යාපනික දියුණුව
    • පවුල් සැලසුම් ජනප්‍රිය විම
    • නාගරිකරණය විම
    • සංක්‍රමණ අනුපාතය අඩු විම

(c) Shilpa Sayura Foundation 2006-2017