රටක ජිවත්වන සෑම පුද්ගලයකු පිළිබදවම වයස, ස්ත්‍රි පුරුෂ භාවය, ජාතිය, අධ්‍යාපන මට්ටම්, විවහකත්වය, රැකියාව, නිවාස එමෙන්ම අනෙකුත් ගොඩ නැගිලි යනාදි දෙවල් පළිබද තොරතුරු රැස් කිරිම ජන හා නිවාස සංගණනය මගින් සිදුවේ. එසේ වුවත් ජන හා නිවාස සංගණනයක මුලික අරමුඛ වන්නේ, රටේ ජිවත්වන සියලුම පුද්ගලයන් ගණනය කිරිම ලෙස සැලකේ.
ජන හා නිවාස සංගණනය සාමාන්‍යයෙන් වර්ෂ 10 කට වරක් පවත්වනු ලැබේ. ශ්‍රි ලංකාවේ 13 වන ජන හා නිවාස සංගණනය 2001 වසර මැද භාගයේදි පැවැත්වු අතර එය 2001 ජන හා නිවාස සංගණනය යනුවෙන් හැදින්වේ .
මෙම සංගණනය අනුව 2001 වසර සදහා ශ්‍රි ලංකාවේ මුළු ජනගහන දශ ලක්ෂ 18. 73 ක් (18,732,255ක්) ලෙස ගණනය කොට තිබේ. එය මුළුමනින්ම විමර්ශශනය කළ දිස්ත්‍රික්ක 18 සහ ආංශික වශයෙන් විමර්ශනය කළ ඉතිරි දිස්ත්‍රික්ක 7 යනාදි ලෙස මුළු දිස්ත්‍රික්ක 25ම සදහා පැවැති මුළු ජන සංඛ්‍යාව වේ.