දළ උපත් අනුපාතිකය
 

කිසියම් වසරක ජනගහනයෙන් 1,000 කට සිදුවන සජිවි උපත් ප්‍රමාණය, දළ උපත් අනුපාතිකය ලෙස හැදින්වේ.


දළ උපත් අනුපාතිකය       = වාර්ෂික සජිවි උපත් සංඛ්‍යාව    x  1,000
                                           මධ්‍ය වාර්ෂික  ජනගහනය     
                                                                                       



  • දළ උපත් අනුපාතිකය යන යෙදුමෙහි “දළ” යන්නෙන් අදහස් වන්නේ ජාති, ආගම් යනාදි අංශ සැලකිල්ල‍ට නොගෙන උපත් අනුපාතිකය ගණනය කර ඇති බවය. පසුව විස්තර කෙරෙන, දළ මරණ අනුපාතිකය යනාදි යෙදුම්වල “දළ” යනුවෙන් දක්වා තිබිමෙන් ද මෙම අදහසම ප්‍රකාශ වන බව සැලකිය යුතුය.

උපත් සංඛ්‍යාව තීරණය කරන සාධක



  • ප්‍රජනන වයසේ ස්ත්‍රි සඛ්‍යාව 

ප්‍රජනන වයසේ ස්ත්‍රි සංඛ්‍යාව වැඩි විම උපත් සංඛ්‍යාව වැඩි විම‍ට හේතුවක්



  • විවාහ විමේ වයස 

විවහා විමේ වයස ඉහළ යාම උපත් අනුපාතිකය අඩු විමට හේතුවකි.



  • ස්ත්‍රින්ගේ අධ්‍යාපන මට්ටම

ස්ත්‍රින්ගේ අධ්‍යාපන මට්ටම ඉහළයාම උපත් අනුපාතිකය අඩුවිමට හේතුවකි.



  • ප්‍රජනන වයසේ සිටින විවහා නොවු ස්ත්‍රින්ගේ සංඛ්‍යාව 

මෙවැනි ස්ත්‍රින්ගේ සංඛ්‍යාව ඉහළ යාම උපත් අනුපාතිකය අඩුවිමට හේතුවකි.



  • නාගරිකරණය 

නාගරිකරණය විම උපත් අඩුවිම‍ට හේතුවකි.



  • ජාතිය/ ආගම

ඇතැම් ජාතික හා ආගමික ආකල්ප මගින් ද, උපත් සංඛ්‍යාවන් තීරණය කෙරෙන අවස්ථා පවති



  • ස්ත්‍රි සේවා නියුක්තිය

ස්ත්‍රින් රැකියාවල නියුක්ත විම, උපත් සංඛ්‍යාව අඩු විමට පුළුවන



  • පවුලේ ආර්ථික මට්ටම

පවුලේ ආර්ථික තත්ත්වය අනුවද, උපත් සංඛ්‍යාව අඩු වැඩි විමට පුළුවන



  • සමාජ ආකල්ප

ඇතැම් සමාජ ආකල්ප මගින් දරු උපත් සංඛ්‍යාව තීරණය කරන අවස්ථා ඇත. නිදසුන් වශයෙන් කෘෂි ජිවන රටාවකින් යුත් පවුල්වල වැඩි පිරිමි දරුවන් සංඛ්‍යාවක් සිටිම වාසිදායක ලෙස සැලකිමට පුළුවන



  • පවුල් සැලසුම් ක්‍රම වල ව්‍යාප්තිය

පවුල් සැලසුම් ක්‍රම ජනප්‍රිය විම, උපත් අනුපාතිකය අඩු විමට හේතුවකි.



  • සෞඛ්‍ය සේවා පහසුකම්

සෞඛ්‍ය සේවා පහසුකම් දියුණුවිම, උපත් අනුපාතිකය ඉහළ යාමට හේතුවක් විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017