තිරසාර සංවර්ධනය
 

වර්තමාන පරපුර විසින් භුක්ති විදින සම්පත් ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අනාගත පරපුරටද භුක්ති විදිය හැකි ආකාරයට සිදු කෙරෙන සංවර්ධනය, තිරසාර සංවර්ධනය ලෙස සැලකේ. තිරසාර සංවර්ධන සංකල්පය 1987 බෲට්ලන්ඩ් වාර්තාවෙන් හදුන්වා දෙන ලද්දකි.


තිරසාර සංවර්ධනයෙදි ක්ෂේත්‍ර දෙකක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙයි. එම ක්ෂේත්‍ර නම්,




    • පරිසර සංවර්ධනය
    • අනාගත පරපුර ගැන සිතීම

තිරසාර සංවර්ධනයේදි ආර්ථික වර්ධනය, සමාජ සංවර්ධනය, පරිසර සංවර්ධනය සහ අනාගත පරපුර සදහා සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරිම යන අරමුණ අපේක්ෂ කෙරේ. තිරසාර සංවර්ධනයේ මුලික තේමාව “පවත්වාගත හැකි සංවර්ධනය මට්ටමක් ලගා කර ගැනිම” යන්නයි.

(c) Shilpa Sayura Foundation 2006-2017