රටක ආදායම් ව්‍යාප්තිය දැක්විම සදහා මැක්ස් ඔටෝ ලෝරන්ස් නම් ඇමරිකානු ජාතික සංඛ්‍යාත විද්‍යාඥයා විසින් 1905 දි හදුන් වාදෙන වක්‍රය, ලෝරන්ස් වක්‍රය යනුවෙන් හැදින්වේ.
රටක ආදායම් ප්‍රතිශතය සහ කුටුම්බ ප්‍රතිශතය දත්ත අනුව ලෝරන්ස් වක්‍රය නිර්මාණය කරනු ලැබේ. ඒ අනුව රටේ ආදායම් බෙදි යාමේ විෂමතාව හෙවත් අසමානතාව පිළබද අවබෝධයක් එමගින් ලබාගත හැකිය.
ලෝරන්ස් වක්‍රය නිර්මාණය කරන අයුරු
- කුටුම්බ සංඛ්‍යව ප්‍රතිශත වශයෙන් 0 සිට 100 දක්වා තිරස් අක්ෂයේ දක්වනු ලැබේ.
- මුළු ආදායම් ප්‍රතිශතය වශයෙන් 0 සිට 100 දක්වා තිරස් අක්ෂයේ දක්වනු ලැබේ.
- තිරස් හා සිරස් අක්ෂ පදනම් කරගෙන සමචතුරස්‍රයක් අදිනු ලැබේ.
- එහි වම්පස පහළ මුල ලක්ෂයේ සිට විකිරණයක් අදිනු ලැබේ.
- මෙම විකිරණ රේඛාව සම ආදායම් රේඛාව යනුවෙන් හැදින්වේ.
- මෙම විකිරණය (එනම් සම ආදායම් ව්‍යාප්ති රේඛාව) නිසා සමචතුරශ්‍රය සමාන තිකෝණ දෙකකට බෙදේ.
- විකිරණයෙහි (එනම් සම ආදයම් ව්‍යාප්ති රේඛාවෙහි ඕනෑම ලක්ෂයකින් සමාන ආදායම් ව්‍යාප්තියක් දැක්විය හැකිය. නිදසුන් වශයෙන් මුළු කුටුම්බ ආදායමෙන් 25% ක් ලැබෙන අයුරු දැක්විය හැකිය.
- සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියක් අනුව ගණනය කරන ලද රටේ කුටුම්බ ප්‍රතිශත දත්ත තිරස් අක්ෂයෙත්, මුළු ආදායම් ප්‍රතිශතය දත්ත සිරස් අක්ෂයෙත්, දක්වනු ලැබේ.
- දැන් එම දත්ත මැන දැක්විමෙන් ලෝරන්ස් වක්‍රය ඇදිය හැකිය.
- ලෝරන් වක්‍රය පිහිටන්නේ, විකිරණයට පහළින්ය. ලෝරන්ස් වක්‍රය දුන්නකට සමාන හැඩයක් ගන්නා බව පෙනි යනවා ඇත.
3.4 රූපය මගින් ලෝරන්ස් වක්‍රයට නිදසුන් දැක්වේ.
- ලෝරන්ස් වක්‍රය පිළිබද පහත සදහන් කරුණු අවදානයට ගන්න
- ලෝරන්ස් වක්‍රයේ විකිරණයෙන් (එනම් සම ආදායම් ව්‍යාප්ති රේඛාවෙන්) දැක්වෙන්නේ සමාන ආදායම් ව්‍යාප්තියක් පිළිබද තත්ත්වයකි. එනම් කුටුම්බ වලින් 10% කට මුළු ආදායමෙන් 10% ක් කුටුම්බවලින් 25% කට මුළු ආදායමෙන් 25% ක් යනාදි ලෙසටය.
- එහෙත් සාපේක්ෂ ආදායම් ව්‍යාප්ති දත්ත පදනම් කරගෙන අදින ලෝරන්ස් වක්‍රය මගින් සැබෑ ආදායම් ව්‍යාප්තිය දැක්වේ. ඒ අනුව සැබැ වශයෙන් මුළු ආදායමෙන් යම් කිසි ඉහළ ආදායම් කාණ්ඩ ප්‍රතිශතයකට අයත් කුටුම්බ ප්‍රතිශත කොපමන ද යම්කිසි පහළ ආදායම් කාණ්ඩ ප්‍රතිශතයකට අයත් කුටුම්බ ප්‍රතිශතය කොපමනද යන්න බලාගත හැකි විම, නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
ගිනි සංගුණකය
ලෝරන්ස් වක්‍රය ඇසුරින් ආදයම් විෂමතාවයේ ප්‍රමාණය ගණනය කිරිම සදහා ඉතාලි ජාතික සංඛ්‍යාත විද්‍යාඥයකු වු සි. ජිනි විසින් හදුන්වා දෙන ලද මිනුම්, ගිනි සංගුණකය (ජිනි සංගුණකය) යනුවෙන් හැදින්වේ.
ගිනි සංගුණකය ගණනය කරන ආකාරය
ගිනි සංගුණකය ලෝරන්ස් වක්‍රය ඇසුරෙන් මනිනු ලැබේ. ඒ අනුව ලෝරන්ස් වක්‍රයට අදාළ ප්‍රස්ථාරයේ විකිරණයන් ලෝරන්ස් වක්‍රයත් අතර කොටසේ වර්ගඵලය, විකිරණයෙන් පහළ මුළු ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් බෙදිමෙන් ගිනි සංගුණකය ගණනය කෙරේ. මෙය පහත සදහන් නිදසුනින් දැක්වෙන ලෝරන්ස් වක්‍රය ඇසුරෙන් තවදුරටත් පැහැදිලි වනු ඇත.
ලෝරනස් වක්‍රය මගින් ප්‍රකාශ කෙරෙන වැදගත් නිගමනය
ලෝරන්ස් වක්‍රය විකිරණයෙන් ඈත් වන තරමට ආදායම් විෂමතාව වැඩිවන අතර, ලෝරන්ස් වක්‍රය විකිරණයට ලං වන තරමට ආදායම් විෂමතාව අඩු වේ .
ගිනි සංගුණකය = X
X +Y
ගිනි සංගුණකයේ අගය
ගිනි සංගුණකයේ අගය 0 සිට 1 දක්වා 3520 විහිදේ.
ගිනි සංගුණකය මගින් ප්‍රකාශ කෙරෙන වැදගත් නිගමනය
ගිනි සංගුණකයේ අගය 1 ට ළංවන තරමට ආදායම් බෙදි යාමේ අසමානතාව වැඩිවන අතර ගිනි සංගුණකයේ අගය 0 ට ළංවන තරමට ආදායම් බෙදි යාමේ අසමානතාව අඩු වේ.