ආදායම් ව්‍යාප්තියේ විෂමතා මැනිම
 



    • සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියක් මගින්
    • නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තියක් මගින්
    • ලෝරන්ස් වක්‍රය මගින්
    • ගිනි සංගුණකය අනුව

සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය


රටක මුළු ආදායම, විවිධ කුටුම්බ හෝ ආදායම් කාණ්ඩ අතර බෙදි යන ආකාරය දැක්විම සදහා සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය උපයෝගි කර ගැනේ.


පහළම ආදායම් මට්ටමේ සිට ඉහළම ආදායම් මට්ටම දක්වා කුටුම්බියන් පෙළ ගස්වා එක් එක් කුටුම්බ කාණ්ඩයට මුළු ආදායමෙන් හිමිවන ප්‍රමාණය ගණනය කිරිම සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය අනුව සිදු වේ.


සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියට නිදසුනක් පහත දැක්වේ


කු‍ටුම්බ         ප්‍රතිශතය                          මුළු ආදයමෙන් හිමිවන ප්‍රතිශතය


ඉහළම         10%                                                  38%
දෙවන          10%                                                  12%
තෙවන         10%                                                  11%
සිව්වන         10%                                                  10%
පස්වන         10%                                                  8%
හවන           10%                                                  7%
හත්වන        10%                                                  5%
අටවන         10%                                                  4%
නවවන         10%                                                  3%
පහළම         10%                                                  2%
                    100%                                                100%


මෙවැනි සාපේක්ෂ ආදායම් ව්‍යාප්තියක් මගින්,



  • ඉහළම ආදායම් ලබන ජන කොටස විසින් හෝ පහළම ආදායම් ලබන ජන කොටස් විසින් මුළු ආදායමෙන් ලබන ප්‍රතිශතය දැක්විය හැකිය

‍නිදසුන් :-


ඉහළම ආදායම් ලබන කුටුම්බ 10% විසින් මුළු ආදයමෙන් 38% ක් ලබයි.



  • ආදායම් ව්‍යාප්තියේ සංකේත්‍රණයක් දැක්විය හැකිය.

නිදසුන්:-


ඉහළ ආදායම් ලබන කුටුම්බ 20% විසින් මුළු ආදායමෙන් 50% ක් (38% + 12%) ලබයි.



  • ස‍ාපේක්ෂ දුප්පත්කම ගණනය කළ හැකිය

(c) Shilpa Sayura Foundation 2006-2017