සමාජයකට පිළිගත හැකි ආකරයේ සාධාරණ ආදායම් ව්‍යාප්තියක් බිහි කිරිම උදෙසා රජයකට මැදිහත් විය හැකි ප්‍රධාන ක්‍රම
- අනුක්‍රම බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම
මේ අනුව ආදායම් සහ දේපල අයිතියේ ප්‍රමාණය අනුව බදු පැනවිය හැකිය.
- දිළදු සහනාධාර ක්‍රම ක්‍රියාත්මක කිරිම
මේ යටතේ දුගි ජනකොටස් වල සහන සැලසෙන පරිදි සහනාධාර හො පහසුකම් රජය මගින් සැපයිමට පුළුවන.
- දේපල හිමිකම් සදහා සීමාවන් පැනවිම
නිදසුන් වශයෙන් හිමිකර ගත හැති ඉඩම් ප්‍රමාණය පිළිබදව සිමා පැනවිම දැක්විය හැකිය
- අඩු ආදායම් ලබන්නන්ට විවිධ දේපල පවරා දිම
- ඉඩම් ප්‍රතිසංස්කරණය හා විවිධ සමාජ රක්ෂණ ක්‍රම
අද ගොවි අයිතිවාසිකම් සුරකිම, ඉඩම් රාජ්‍ය අයිතියට ගැනිම කෘෂි රක්ෂණ යනාදි මේ සදහා නිදසුන් ලෙස දැක්විය හැකිය.
විෂම ආදායම් ව්‍යාප්තියක් (එනම් ආදයම් බෙදි යාමේ දැඩි අසමානතාවක්) නිසා මතු විය හැකි ප්‍රධාන ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක
- දුගි භාවය වැඩිවිම
- පංති ගැටුම්
ධනවත් හා නිර්ධන පංති අතර ගැටුම් ඇතිවිම් නිදසුන් ලෙස දැක්විය හැකිය
- සහජ ශක්තින් දුර්වල විම
දුගි භාවයට ලක්වුවන්ගේ සහජ ශක්තින් මතුකර ගැනිමට අවස්ථාව නොලබි යැම
- ඒකාධිකාරි තත්ත්වයන් බිහිවිම
ධනය ඇති අයට විවිධ උපක්‍රම භාවිතයෙන් ඒකාධිකාරි තත්ත්වය බිහිකිර ගැනිමට වැඩි ඉඩක් මේ යටතේ ලැබෙනු ඇත.
- සූරා කැම
- දේශපාලන ආධිපත්‍යයන් ගොඩ නගා ගැනිමට වැඩි ඉඩක් ලැබිම
නිර්ධන පංතිය දඩම්මා කර ගනිමින් දේශපාලන ආධිපත්‍යයන් ගොඩ නගා ගැනිම මෙයින් අදහස් වේ.
- සදාචාරාත්මක පැවැතුම් පිරිහිමට පත් විම