භෞතික ජිවන තත්ත්ව දර්ශකය, ලෝකයේ රටවල් අතර පවතින දුගි බවේහි ප්‍රමාණය සැසදිම සදහා ප්‍රධාන වශයෙන් යොදාගැනෙන දර්ශකයකි. මෙම දර්ශකය ගණනය කිරිම සදහා මුලීක විචල්‍යයන් 3 ක් පාදක කර ගැනේ. ඒවා නම්,
- වයස අවුරුදු 1 දි අපේක්ෂිත ආයු කාලය
- උපතේදි ළදරු මරණ අනුපාතිකය
- සාක්ෂරතාවය
භෞතික ජිවන තත්ත්ව දර්ශකය අංක 1 සිට 100 දක්වා වෙනස් වේ. මෙම අංක අනුව, භෞතික ජිවන තත්ත්වය මුල් කරගෙන රටවල් පෙළ ගස්වනු ලැබේ. ඒ අනුව අංක 100 මගින් හොදම භෞතික ජිවන තත්ත්වය නියෝජනය වන අතර අංක 1 මගින් නරකම භෞතික ජිවන තත්ත්වය නියෝජනය වේ.