දිළිදු බවේ දුෂ්ට චක්‍රය
 

රටක් දුප්පත් වන්නෙ, දුප්පත්කම නිසා බව දිළිදු බවේ දුෂ්ට චක්‍රය මගින් පෙන්නා දෙයි. අඩු දියුණු රටවල් දිළිදු බවේ දෘෂ්ඨි චක්‍රයට මැදිවි සිටි. දිළිදු බවේ දුෂ්‍ට් චක්‍රය පිළිබද න්‍යාය රුග්නාර් නර්ක්ස් නම් ආර්ථික විද්‍යඥයා විසින් ඉදිරිපත් කරන ලද (රුගර් නර්ක්ස් ආර්ථික විද්‍යාව සදහා නොබෙල් ත්‍යාගය ලැබුවෙකි.


දිළිදු බවේ දෘෂ්‍ටි චක්‍ර න්‍යාය මගින් පෙන්වා දෙන පරිදි නොදියුණු රටවල දිළිදු බව නැති කිරිම සදහා දිළිදු කම දෙය‍ාකාරයකින් බාධා වී ඇත. එනම්, ඉල්ලුම් අංශයේ සහ සැපයුම් අංශයෙනි.


පළමුව ඉල්ලුම් අංශය සළකා බලමු. දිළිදු රටවල ඵලදායිතා මට්ටම පහත්ය. ඒ නිසා අඩු ආදායම් ද, අඩු ආදායම් නිසා අඩු ක්‍රය ශක්තියක්ද ඇති වේ. අඩු ක්‍රය ශක්තිය මගින් වෙළද ව්‍යාපාර ආරම්භ කිරිමට ඇති ඉඩ කඩ සීමා වේ. මේ නිසා ප්‍රාග්ධන ආයෝජනය අඩු වේ. ආයෝජනය අඩු නිසා ඵලදායිතාවද, ඵලදායිතාව අඩු නිසා ආදායමද අඩු වේ. අඩු ආදායම් මගින් අඩු ක්‍රය ශක්තිය බිහි කෙ‍ෙර්. මේ ආකාරයට ඉල්ලුම් අංශයේ බල ‍පෑම මත දිළිදු බවේ දුෂ්ට චක්‍රය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. (3.2 රූපය බලන්න)


මීලගට සැපයුම් අංශය සලකා බලමු. සැපයුම් අංශයෙන් බලන විට දිළිදු රටවල අඩු ආදායම් නිසා ඉතිරි කිරිම් අඩුය. ඉතිරි කිරිම් අඩු නිසා ආයෝජනය අඩු අතර, අයෝජන අඩු නිසා නිෂ්පාදිතය පහළ මට්ටමක පවති. නිෂ්පාදනය පහළ මට්ටමක පැවැතිම හේතුවෙන් රටේ මුර්ත ආදායම අඩු විම හේතුවෙන් ඉතිරි කිරිම තව තවත් අඩු වේ. ඉතිරි කිරිම් අඩු වන විට අ‍ායෝජනය ද නැවැත අඩු වේ. මේ ආකාරයට සැපයුම් අංශයෙන් බලපැම මත දිළිදු බවේ දුෂ්ට චක්‍රය අඛණ්ඩය ක්‍රියාත්මක වේ. 

(c) Shilpa Sayura Foundation 2006-2017