ආර්ථික වර්ධනය නිසා ජාතික නිෂ්පාදිත හා ජාතික ආදායම් අඛණ්ඩව වැඩිවිමක් සිදු වෙයි. සේවා නියුක්ති අවස්ථා වැඩි වන අතර ආදායම් ඉපයිමේ අවස්ථා ඉහළ යයි. ඉහළ ආදායමක් ලබන නිසා පුද්ගලයන්ට හා කුටුම්බිවලට තම මුලික අවශ්‍යතා හොදින් ඉටුකර ගැනිමට හැකිය. ඒ අනුව දරිද්‍රතාවය තුරන් විය හැකිය .
එහෙත් ආර්ථික වර්ධනය නිසා සුළු පිරිසක් අතර රටේ ජාතික ආදායම ඒක රාශි වුවහොත් අනිවාර්යෙන්ම දරිද්‍රතාවය තුරන්වේ යැයි විස්වාස කළ නොහැකිය.
ආර්ථික වර්ධනයේ දරිද්‍රතාවය තුරන් විමට නම් දුගි ජන කොටසට රැකියා ආදායම් වැඩිකර ගැනිමේ අවස්ථාව පැවැතිය යුතුය. එමෙන් දුගි ජනකොටසටද සෞඛ්‍ය අධ්‍යාපනය වැනි දැ ලබා ගැනිමට පහසුකම් පැවැතිය යුතුය.