මානව දරිද්‍රතා දර්ශකය
 

එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල (UNDP) මගින්පලකර ඇති මානව සංවර්ධන වාර්තාව විසින් සංවර්ධනය වෙත ර‍ටවල් 77ක දුප්පත්කම මැනිම සදහා ඉදිරිපත් කර ඇති දර්ශකය මානව දරිද්‍රතා දර්ශකය, යනුවෙන් හැදින්වේ .


මෙම දර්ශකයට ඇතුළත් වන්නේ,


1. අවුරුදු 40 අඩු වයසින් මිය යන පුද්ගලයින්ගේ ප්‍රතිශතය
2. අකුරු නුගත් (සාක්ෂරතාවය නොමැති ) වැඩිහිටියන්ගේ ප්‍රතිශතය
3. මුලික අවශ්‍යතා පවා සතුටු දායක ලෙස ඉටුකර ගත ‍‍නොහැකි ප්‍රතිශතය එනම් ,



  • සෞඛ්‍ය සහ සනිප‍ාරක්ෂක සේවා පහසුකම් සහ බිමට සුදුසු ජල පහසුකම් නැති ජන ප්‍රතිශතය
  • වසර 5 අඩු වයසැති ළමුන්ගෙන් මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රතිශතය

ඉන්දියාව ,පාකිස්තානය, බංගලාදේශය යන රටවල් මානව සංවර්ධනය අතින් පහළ ගණයේ රටවල් ලෙස සැලකෙන අතර ශ්‍රි ලංකාව මැද ගණයේ රටක් ලෙස සැළකේ

(c) Shilpa Sayura Foundation 2006-2017