දරිද්‍රතාව
 

ජනතාවට අවම ජිවන තත්ත්වයක්වත් නොමැති විම හෝ ලබාගත නොහැකි විම දරිද්‍රතාවය යනුවෙන් හැදින්වේ. මෙම සංකල්පය, දුගිබව, දුප්පත්කම, දිලිදුකම, යනාදි සමාන යෙදුම් වලින් හැදින්වේ.


මෙහිදි අවම ජිවන තත්ත්වයක් ලබා ගත නොහැකි විම යන්නෙන්, ආහාර පාන, පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සනිපාරක්ෂක සේවා, නිවාස යනාදි මුලික අවශ්‍යතා අවම මට්ටමින් සිදුකර ගැනිමට නොහැකි විමේ තත්ත්වය අවදාරණය කෙරේ.



  • පරිභෝජන දරිද්‍රතාව

නියමිත අවම පරිභෝජන ප්‍රමිතියක් සපුරා ගැනිමට පුද්ගලයන්‍ට හෝ කුටුම්බියන්‍ට නොහැකි විමේ පරිහෝජන දරිද්‍රතාව සංකල්පයෙන් අදහස් වේ.



  • දරිද්‍රතා ඉම

මුලික අවශ්‍යතා සපුරා ගැනිම සදහා අවශ්‍යවේ යැයි සැලකෙන නිසියම් අවම ඒක පුද්ගල ආදායම් මට්ටමක්, දරිද්‍ර ඉම යනුවෙන් හැදින්වේ . දරිද්‍රතා ඉමට අඩු ආදායම් ලබන්නන් දුප්පතුන් වශයෙන් නිගමනය කෙරේ. (ශ්‍රි ලංකාවේ ජන ගහනයෙන් දළ වශයෙන් 25% -30% ප්‍රමණයක් දුප්පතුන් ලෙස වර්ගිකරණය කර ඇති බව 2002 මහ බැංකු වාර්ෂික වාර්තාව (11පිටුව දක්වයි. )


දරිද්‍රතා ඉම, දිළිදු බවේ සිමාව, දරිද්‍රතා රේඛා යන යෙදුම් වලින්ද හැදින්වේ .


දරිද්‍රතා ඉම, මුලික මිනිස් අවශ්‍යතා ඉටුකරන භාණ්ඩ හා ‍‍ සේවා පැස මත තීරණය වේ. දරිද්‍රතා ඉම මට්ටමේහි ප්‍රමාණය රටින් රටට වෙනස් වේ .



  • දරිද්‍රත‍ාඅවපාතය

දරිද්‍රතා රේඛාවට වඩා අඩු පරිභෝජනයක් ඇති ජනගහනයේ ප්‍රමාණය දරිද්‍රතා අවපාතය යනුවෙන් හැදින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017