- සේවකයන්ට නිසි ආදායම් ෙනලැබිම
- දරිද්‍රතාවය ඉහළ යාම
- නිෂ්පාදන අඩුවිම, නියමිත නිෂ්පාදන ධාරිතාව ආර්ථිකයට නොලැබිම
- ශ්‍රමය අපතේ යාම
- ශ්‍රම ඵලදායිතාව පහත මට්ටමක පැවැතිම
- ශ්‍රම ඵලදායිතාවය යනු, ශ්‍රම මට්ටමක පැවැතිම ලබා ගත හැකි නිමැවුම් එකක ප්‍රමාණයයි. මෙය දෙයාකාරයකට ඉදිරිපත් කළ හැකිය. එනම්, යම් ශ්‍රම යෙදවුමකින් ලැබෙන නිමවුම් වැඩි විමක් වශයෙන් හෝ යම් නිමවුමක් ලබා ගත හැකි යෙදවුම් ප්‍රමාණය අඩු විමක් වශයෙන් යනාදි ලෙසටය.
ශ්‍රි ලංකාවේ ඉහළ ඌන සේවා නියුක්තියක් පැවැතිමට තුඩු දි ඇති ප්‍රධාන හේතු
මෑත වර්ෂවලදි ශ්‍රි ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය සාමාන්‍ය වශයෙන් පහත බැසිමක් වාර්තාකර ඇති නමුදු ඌන සේවා නියුක්තිය ප්‍රධාන ප්‍රශ්නයක් වශයෙන් තවමත් පවති. ශ්‍රි ලංකාවේ සේවා නියුක්තියෙන් දළ වශයෙන් තුනෙන් එකක් පමණ ඌන සේවා නියුක්ති තත්ත්වයෙන් පසු වේ යැයි වාර්තා වේ. ශ්‍රි ලංකාවේ මේ ආකාරයට ඉහළ සේවා නියුක්තිතත්ත්වයක් ඇතිවිමට බලපා ඇති ප්‍රධාන හේතු පහත දැක්වේ
- උගතුන් අතර සේවා වියුක්තිය ඉහළ මට්ටමක පැවැතිම
- ශ්‍රි ලංකාවේ පුළුල් කෘෂිකාර්මික අංශයක් පැවැතිම,කෘෂි කර්ම ක්ෂේත්රයේ ක්‍රියාකාරිත්වය බොහො විට වර්ෂයේ එක් එක් කාලයන්ට පමණක් අයත් වේ.
- ප්‍රමාණවත් තරම් රැකියා අවස්ථා ආර්ථිකය තුලින් බිහි නොවිම
- පවතින රැකියා අවස්ථා භාර ගැනිමට පුද්ගලයන් අකමැති විම
- ස්ත්‍රි ශ්‍රම බලකාය විශාල මට්ටමක පැවැතිම
- ආර්ථිකයේ අවිධිමත් සේවා අංශයක් පැවැතිම හා එම අංශයේ ඉහළ ඌන සේවා නියුක්තියක් පැවැතිම. විශේෂයෙන්ම නාගරික අවිධිමත් අංශයේ ඌන සේවා නියුක්තිය ඉහළ මට්ටමක පවති.
පිළිගත හැකි අවිධිමත් සේවා යනු ආයතනික විධිවිධානවලින් තොරව සිදු කෙරෙන සේවා කටයුතුය. නිදසුන් වශයෙන් පෞද්ගලික අංශයේ ඇතැම් රියදුරු, බෙදා හැරිම්, ආහාර පාන සැකසිම් මුළු නිෂ්පාදන යනාදි සේවා නියුක්ති තත්ත්වයන් දැක්විය හැකිය .