ශ්‍රි ලංකාවේ ස්ත්‍රි ශ්‍රම බලකාය ඉහළ යැමට හේතු
 


  • රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය පුළුල් විම නිසා ස්ත්‍රින් උසස් අධ්‍යාපනය කෙරෙහි නැබුරුවිම, ඒ අනුව උගත් ස්ත්‍රි ප්‍රමාණය වැඩි විම
  • විවිධ හේතුන් නිසා විවහය කල් දැමිම, විවාහය කල් දැමිම නිසා ශ්‍රම බලකායට එකතුවන ස්ත්‍රි ප්‍රමාණය වැඩි වේ .
  • දරු සාපල්‍යතා අඩු විම, ස්ත්‍රින්ගේ දරු සාඵල්‍යතා අඩු විම හේතුවෙන් ශ්‍රම බලකායට එකතු වන ස්ත්‍රින් ප්‍රමාණය වැඩිවේ.
  • ජිවන වියදම සිඝ්‍රයෙන් ඉහළ යාම, මේ නිසා ද ශ්‍රම බලකායට එකතු වන ස්ත්‍රි ප්‍රමාණය වැඩිවේ
  • ස්ත්‍රින්ට සුදුසු රැකියා අවස්ථා බිහි විම, ග්‍රාමිය ආර්ථික සංවර්ධන කටයුතු දියුණු විම ආර්ථිකයේ සේවා අංශ පුළුල් විම, යනාදි හේතුන් නිසා ස්ත්‍රින්ට සුදුසු රැකියා අවස්ථා බහුලය. මෙම තත්ත්වයද ස්ත්‍රි ශ්‍රම බලකාය ඉහල යැමට හේතුවක් වි ඇත.

ඌන සේවා නියුක්තිය


පුද්ගලයකු කිසියම් ආර්ථික කාර්යයක නියුක්තව සිටියත් කාලය ,ආදායම, පුහුණුව යන නිර්නායක නිසා අඩු ආදායමක් ලැබිම ඌන සේවා නියුක්තිය ලෙස සැළකේ .


ඌන සේවා නියුක්තියට පදනම් වන නිර්ණායක



  • කාලය

නියමිත කාලයට වඩා අඩුවෙන් වැඩ කිරිම, එනම් සතියකට දින 5 හෝ පැය 40 කට වඩා අඩුවෙන් වැඩ කිරිම



  • ආදායම

ඵලදායිතාව අඩු රැකිය‍ා වල නිරත විම නිසා ආදායම් මට්ටම පහත් මට්ටමක පැවතිම.



  • සුදුසුකම් හා පුහුණුව 

තම සුදුසුකම්වලට හෝ පුහුණුවට හෝ සරිලන රැකියාවක නිරත නොවිම නිසා දුගි බව වැඩිවිම

(c) Shilpa Sayura Foundation 2006-2017