සේවා වියුක්ති ජන කොටස, වැටුපක් හෝ වෙනත් ආර්ථික ප්‍රතිලාභයක් අපෙක්ෂාවෙන් රැකියාවක් කරන හා රැකියාවක් අෙපක්ෂිත ජන කොටසින් කොපමන ප්‍රතිශතයක්ද, යන්න සේවා නියුක්ති අනුපාතිකයේ දැක්වේ . එය ගණනය කරන අයුරු පහත දැක්වේ.
සේවා වයුක්ති අනුපාතිකය = සේවා වියුක්ති සංඛ්‍යාව x 100
ශ්‍රම බලකාය
සේවා වියුක්තියේ ආර්ථික හා සමාජ ප්‍රතිවිපාක
- රටේ වැඩිපිරිසක් රැකියා විරහිතව සිටිමේ හේතුවෙන් රටේ සම්පත් උපයෝජනය අඩුවෙ. මෙය රටේ මුළු නිෂ්පාදිතය පහත වැටිමට හේතුවකි.
- වැඩිපිරිසක් ආදායමක් නොමැතිව සිටිම, ජිවන තත්ත්වය පහත වැටිමට හේතුවක් වේ.
- රැකියා විරහිත පිරිස වැඩිවන විට රටේ කැරලි කොලාහල, මංකොල්ල කෑම්සොරකම්, අපරාධ යනාදි ඉහළ යනු ඇත.
- රැකියා කිරිමට ඉදිරිපත් වන අයට රැකියා නොමති විම, මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරිමක් වෙයි.
- රැකියා විරහිත පිරිස වැඩි විම නිසා රැකියා ඇති අයගේ කෙවල් කිරිමේ ශක්තිය අඩුවේ. මෙය එම රැකියා කරන සේවකයන්නට අවාසි දායක ලෙසද සේවකයන්‍ට වාසිදායක ලෙසද බල පැවැත්විමට පුලුවන.
ශ්‍රි ලංකාවේ සේවා වියුක්ති තත්ත්වයෙහි විශේෂ ලක්ෂණ
- සමස්ථ සේවා වියුක්ති අනුපාතිකය සාමාන්‍යයෙන් 10% වඩා අඩුවේ. (3.3 සංඛ්‍යාසටහන බලන්න )
ස්ත්‍රින් අතර සේවා වියුක්ති අනුපාතිකය පුරුෂයන් අතර සේවා වියුක්තිය අනුපාතිකයට වඩා සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවති (3.3 සංඛ්‍යා සටහනින් දැක්වේ .)
- සේවා වියුක්ත වැඩි පිරිස තරුණයන් විම
අවුරුදු 15-19 සහ අවුරුදු 20- 29 දක්වා තරුණ වයස් කණ්ඩවල සේවා වියුක්ති අනුපාතිකය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවති. (3.4 සංඛ්‍යා සටහන බලන්න)
එහෙත් ඊට වඩා වැඩි වයස් කාණ්ඩයන්හි සේවා වියුක්ති අනුපාතිකය සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පවතින අතර ක්‍රමයෙන් අඩු වෙමින් පවති. 3.4 සංඛ්‍යා සටහන බලන්න
- අ.පො. ස (සාමන්‍ය පෙළ ) හා ඉන් පහළ අධ්‍යෘපනය ලැබුවන් අතර සේවා වියුක්තිය ඉහළ මට්ටමක පවති. (3.5 සංඛ්‍යා සටහන බලන්න)
අධ්‍යාපන මට්ටම අනුව වඩාත් ඉහළ සේවා වියුක්ති අනුපාතිකය පවතින්නේ අ.පො.ස (උසස් පෙළ හා ඊට වැඩි අධ්‍යාපනය ලබා ඇති ශ්‍රමිකයන් අතරෙහිය. 3.6 සංඛ්‍යා සටහනින බලන්න.)
- ග්‍රමිය අංශයට වඩා නාගරික අංශයේ සේවා වියුක්තිය වැඩි මට්ටමක පවති.
- සේවා වියුක්තියෙන් වැඩි කොටස අවුරුද්දකට වඩා වැඩි රැකියා අපෙක්ෂකයන්විම