නිෂ්චිත කාල සීමාවක් තුළ වැටුපක් හෝ වෙනත් මුල්‍ය ප්‍රතිලාභයක් හෝ අපේක්ෂාවෙන් ආර්ථික කටයුත්තක නිරතව සිටිම,සේවා නියුක්තිය ලෙස හැදින්වේ.
සේවා නියුක්තියට අයත්වන පිරිසද ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
- වැටුප් ලබන සේවකයෝ
- සේවා යෝජකයෝ (වැටුපකට සේවකයන්ව රැකියාවල යොදවාගන්නා අය)
- ස්වයං සේවාවල නියුතු පුද්ගලයෝ
- වැටුප් ලැබිමකින් තොරව පවුල් ආර්ථික කටයුත්තක නිරත වි සිටින්නෝ
නිදසුන් :- වැටුප් ලැබිමකින් තොරව පවුලේ කෘෂිකර්ම හෝ ව්‍යාපාර කටයුත්තක යෙදි සිටින, පවුලේ සාමාජිකයෝ
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්ත මේන්තුව මගින් පවත්වනු ලබන කාර්තුමය ශ්‍රම සලකා සමික්ෂණයේ නිර්වචනයට අනුව සේවා නියුක්ත පුද්ගලයා යනු, සමික්ෂණය පවත්වන්නට පෙර සතියක්තුළ පැයක් හෝ ඊට වැඩි කාලයක් චේතනයක්, ලාභයක් හෝ ගෙවිමක් නොලබා පවුලේ ආදායමක් ඉපයිමක් සදහා වැඩ කරන පුද්ගලයකි. අසනිපවිම, අයහපත් කාල ගුණය සහ කම්කරු ආරවුල් වැනි සාධක නිසා තාවකාලිකව රැකියාවේ නොයදුන අයද සේවා නියුක්ති පුද්ගලයන් ලෙස සැලකේ.