ඒක පුද්ගල නිෂ්පාදිතය
 

ආර්ථික වර්ධනයේ වැදගත්කම නම්, එමගින් ජනතාවට වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් සපයා ගැනිමට හැකි විමය මෙම තත්ත්වය පවතින්නට නම්, ජන සංඛ්‍යා වර්ධනය විය යුතුය. ආර්ථික වර්ධනයේ මෙම හැසිරිම, ඒක පුද්ගල නිෂ්පාදිතයේ වර්ධන වේගය මගින් පරික්ෂා කල හැකිය .
ඒක පුද්ගල නිෂ්පාදිතයේ වර්ධනය ජන සංඛ්‍යාවේ වර්ධනයට සාපේක්ෂව වැඩි විම, ජනතාව‍ෙග් ආර්ථික ශක්තිය ඉහළ යැමට හේතුවක් ලෙස සැළකේ




    1. සංඛ්‍යා සටහන

එක පුද්ගල  දළ දේශිය නිෂ්පාදිතය


වර්ෂය                        රුපියල් වලින්                            ඇ.එ.ජ ‍ඩොලර් වලින්
1990                          18791                                                429
1998                          55863                                                865
1999                          59882                                                851
2000                          66790                                                881
2001                          73795                                                826
2002                          82076                                                858


                                    මුලය:- ශ්‍රි ලංකා  මහ බැංකුව ,වාර්ෂික වාර්තාව 2002


ඒක පුද්ගල ආදායම ගණනය කිරිමේ ප්‍රධාන ප්‍රයෝජනය ලෙස සැල‍කෙන්නේ එය ආරක්ෂිත වර්ධනය මැනිම සදහා යොදාගත හැකිවිම.


ඒක පුද්ගල ආදායම මගින් අදහස් වන්න, අඩුම වශයෙන් එයින් දක්වනු ලබන්නේ ආදායම් මට්ටමත් රටේ සැම පුද්ගලයකුටම ලැබෙන බවය. එහෙත් ක්‍රියාත්මක වශයෙන් සලකා බලන කළ මෙය ඒ ආකාරයෙන්ම පවතින තත්ත්වයක් නොවේය. හේතුව පාරිභෝගික වශයෙන් ජාතික නිෂ්පාදිතය හෝ ජාතික ආදායම රටේ සෑම විටම සමාන අයුරින් බෙදි නොයැමයි. පුද්ගලය‍ා හා කුටුම්බි වලට‍ හිමි වත්කම් ධනය හා අනෙකුත් ඉපයුම් මුලාශ්‍ර අනුව එක් එක් අයට විවිධ මට්ටම් වල ආදායම් ලැබේ. සමහර පුද්ගලයන්ට ඒක පුද්ගල ආදායමට වඩා අඩු ආදායමක් ලැබෙන අතර, ඇතැම් පුද්ගලයන්‍ට ඒක පුද්ගල ආදායමට වඩා වැඩි ආදායමක් ලැබෙනු ඇත. මේ අනුව, ඒක පුද්ගල ආදායම් සංකල්පය මගින් දක්වනු ලබන ආදායම් මට්ටම මගින් රටේ ආදායම් ව්‍යාප්තිය යථා නිරුපණයක් ඉදිරිපත් වේ යැයි සැලකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017