රටක ආර්ථික සංවර්ධනය සාධක කිහිපයක් මත රදා පවති. එම සාධක වල වෙනස් විම මැනිම සදහා වෙන් වෙන් වශයෙන් දර්ශක ඇත. ඒ අනුව එම දර්ශක වලින් ප්‍රකාශිත මට්ටම මගින් රටක සංවර්ධන මට්ටම ගැන නිගමනය ලබා ගැනේ .
ආර්ථික සංවර්ධනය සලකා බලන සාධකවල වෙනස් විම මැනිම සදහා භාවිතා කෙරෙන ප්‍රධාන සාධක පහත දැක්වේ.
- ආර්ථික සංවර්ධනය
- ආර්ථික වෘද්ධී අනුපාතිකය
- ඒක පුද්ගල නිෂ්පාදිතය
- සේවා ව්‍යුක්ති අනුපාතිකය
- දරිද්‍රතා ඉම
- දරිද්‍රතා ආපාතය
- ආදයම් දරිද්‍රතාව
- පරිභෝජන දරිද්‍රතායව
- මානව දරිද්‍රතා දර්ශකය
- සමාජ සංවර්ධන දර්ශකය
- භෞතික ජිවන තත්ත්ව දර්ශකය
- මානව සංවර්ධන දර්ශකය
- සාපේක්ෂ ආදායම් ව්‍යාප්තිය
- නිරපේක්ෂ ආදායම් ව්‍යාප්තිය
- ලෝරන්ස් චක්‍රය
- ගිනි සංගුණකය
මෙම දර්ශකය එකිනෙක ලුහුඩින් සලකා බලමු
- ආර්ථික වෘද්ධි අනුපාතිකය
ආර්ථික වෘද්ධි අනුපාතිකය යනු, මුර්ත දළ ජාතික නිෂ්පාදිත වර්ධන අනුපාතිකයයි. එනම්, රටක මුර්ත දළ ජාතික නිෂ්පාදිතයේ සිදුවන වෙනස් ප්‍රතිශත අගයයි.
නිදසුන් :-
වර්ෂ 2001 මුර්ත දළ ජාතික නිෂ්පාදිතය රු මිලියන 829056
වර්ෂ 2002 මුර්ත දළ ජාතික නිෂ්පාදිතය රු මිලියන 863256
මේ අනුව ආර්ථික වෘද්ධි අනුපාතිකය = 34200 x 100
829056
= 4.1%